කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

Date:





සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය විසින් අල්ලා ගන්නා ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ත්‍රස්ත කුමන්ත්‍රණ හා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අද(05) අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර තිබේ.

ඊයේ(04)දිනයේදී මාධ්‍ය අමතමින් රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තෙල් නිරෝධායනයක් බලාත්මක කිරීම හැර, වෙනිසියුලාව පාලනය කිරීමේදී වොෂින්ටනය එදිනෙදා මැදිහත් නොවන බවයි.

අත්ලාන්තික් පුවත්පතට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදය තෙල්වලින් පොහොසත් ජාතියක් බවට පත්කරන බවත්, මේවන විට වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති රොඩ්‍රිගස් “හරි දේ නොකළහොත්” ඇය “විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇති” බවත්, වාර්තා කර ඇති අතර වෙනිසියුලාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක් එක්සත් ජනපදයේ මිලිටරි ආක්‍රමණය හෙළා දැක ඇත.

වෙනිසියුලානු රාජ්‍ය මාධ්‍ය අමතමින් වෙනිසියුලාවේ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ලෝපෙස් සඳහන් කර තිබුණේ, නායක නිකොලස් මධුරෝ පැහැර ගැනීමට එක්සත් ජනපදය ගත් පියවර බියගුළු පැහැරගැනීමක් ලෙස හෙළා දකින බවත්, එක්සත් ජනපද හමුදා ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකු මෙන්ම නිසියුලානු පාර්ශවයේ හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් අමුතු ලෙස මරා දැමූ බවත්, එරට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අනුමත කළ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්ගේ සහාය දක්වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...