ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලානු නායකයා පැහැරගැනීමෙන් දිනකට පසු ඩෙන්මාර්කයේ අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට තර්ජනය කිරීම නවත්වන ලෙස ඉල්ලා ඇත.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඩෙන්මාර්කයේ අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට අවශ්‍ය බව කතා කිරීම කිසිසේත්ම තේරුමක් නැති දෙයක් බවත්, ඩෙන්මාර්ක රාජධානියේ රටවල් තුනෙන් කිසිවක් ඈඳා ගැනීමට එක්සත් ජනපදයට අයිතියක් නොමැති බවත්ය.

පසුගිය සතියේ ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධ වූ මාධ්‍ය සාකච්ජාවක් තුලදී අපට ග්‍රීන්ලන්තය අවශ්‍යය බවත්, නියත වශයෙන්ම අපට එය ආරක්ෂාව සඳහා අවශ්‍ය බවත් සඳහන් කර ඇති අතර , එක්සත් ජනපදය වෙනිසියුලාවට බෝම්බ හෙලා ජනාධිපති නිකොලස් මධුරෝ බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ඩෙන්මාර්ක භූමියක් වන ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ද එයම සිදුවිය හැකි බවට ඩෙන්මාර්කය තුළ කනස්සල්ල මතු කර ඇත.

ස්වයං පාලන ඩෙන්මාර්ක භූමි ප්‍රදේශයක් මෙන්ම නේටෝ සාමාජිකයෙකු වන ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයේ කොටසක් වන ලෙස එක්සත් ජනපද ජනාධිපතිවරයා නැවත නැවතත් ඉල්ලා තිබේ. යුරෝපය සහ උතුරු ඇමරිකාව අතර ග්‍රීන්ලන්තයේ උපායමාර්ගික පිහිටීම එය එක්සත් ජනපද බැලස්ටික් මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා ප්‍රධාන ස්ථානයක් බවට පත් කර ඇති අතර එක්සත් ජනපදය චීන අපනයන මත යැපීම අඩු කිරීමට බලාපොරොත්තු වන බැවින් ග්‍රීන්ලන්තයේ ඛනිජ සම්පත් ට්‍රම්ප්ට වඩාත් ආකර්ශනීය වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...