දුවන වෙඳැදුරු සිහින දකින ඉඳුවර

Date:

මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගවලදී කැපී පෙණුන කෙටි දුර ධාවකයෙක් වූ දිනෙත් ඉඳුවර වීරරත්න මීටර් 200 ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ නව වාර්තාවක්ද පිහිටුවමින්ය.ඒ අවුරුදු 18 න් පහළ වයස් ඛාණ්ඩයේ ය.ඉඳුවර මෙන්ම තවත් දක්ෂයෝ ද,ඊටත් වඩා දක්ෂයෝ ද මේ උළෙලේ සිටිය ද ඔහු වෙනම හැඩයක තරුණයෙකි.ඒ නිසාම ඔහුගෙන් ක්‍රීඩකයෙක්ට මෙන්ම තරුණයෙක්ට ද ගත හැකි බොහෝ දේ ඇත.


18 න් පහළ තරඟ වදින ඉඳුවර මලල ක්‍රීඩාව පටන් ගන්නේ වයස අවුරුදු 7 දී පමණය.මේ ඔහු පළමුවැනියා වූ පළමු මොහොතය.එය ද වාර්තාවක් සමඟින්ය.
අයියත් දිව්වා.මාත් දිව්වා.අපේ තාත්තා ඉන්නෙ ඉතාලියෙ.අපිව ක්‍රීඩා කරන්න එයා තමයි ලාල් ස්ර් ගාවට දැම්මෙ.ස්ර් ට අපිව දිනවන්න හදිසියක් තිබුණෙ නැහැ.ඔහු කිව්වෙ දිනන්න පුළුවන් බව විතරයි.ඒකට අවශ්‍යය කාලය ඔහු අධ්‍යාපනයටත් හානියක් නොවෙන්න අර ගත්තා.
අවුරුදු 10 ට පස්සෙ පුහුණුවේ උපරිමය භුක්ති විඳින්න ඉවසා දරා සිටිය තරුණයා පුහුණුකරු ගැන පවසන්නේ ප්‍රීතියෙන්ය.එය ඉහ වහා ගිය සතුටක් ද නොවේය.
ස්ර් තව ඉස්සරහට තව හොඳට දුවන්න ප්ලෑන් කරයි.
දිනන්න ඉස්සෙල්ලත් දිනවන බව විශ්වාස කළ අයුරෙන්ම දිනුව දේ තවත් හැඩ කරන බව,දීප්තිමත් කරන බවට ඉඳුවර විශ්වාසයෙන්ය.
මේ ඉවසීම විදේශගතව සිටින තාත්තා මෙන්ම ලංකාවේ සිටින අම්මාද සතු වූවකි.
දිනන එවා නෙමෙයි තාත්තා ඇහැව්වෙ.දුවන්න අවශ්‍යය කරන දේ.ඒවා මට ලබා දුන්නා.අම්මත් කවද්ද දිනන්නෙ කියලා ඇහැව්වෙ නැහැ.හැමදාම මගෙ ළඟින් කරන දේවල්වලදි තනියට හිටියා.එයත් දිනන බව විශ්වාස කළා.ඒ දිනවන වැඩේ ස්ර්ට භාර දීලා අපි පවුලම ඉවසීමෙන් වගෙම විශ්වාසයෙන් වැඩ කරා.
ඉඳුවර පවසන මේ අපූරු පුහුණුකරුවා ලාල් විජේවික්‍රමය. ඔහුද කලබල නැති ඉවසීම ප්‍රගුණ කළ අයෙක්ය.ඔහු දක්ෂයන් මොහොතකින් කණපිට ගසා ගන්නේ නැත.වයසට ඔරොත්තු දෙන ආකාරයට,ශරීරයට ඔරොත්තු දෙන ආකාරයට මෙන්ම අධ්‍යාපනයට බාධා නොවන ආකාරයට ක්‍රීඩාව දරුවන්ට දානය කරන්නෙක්ය.හරියට මල නොතලා රොන් ගන්න දන්න බඹරෙක් මෙන්ය.
ඉඳුවර ද උසස් පෙළට ලක්ඩන් විෂය නිර්දේශය යටතේ ජීව විද්‍යාව ඉගෙන ගන්නේ ය.ඔහු සාමාන්‍ය පෙළ ද හොඳින් සමත්ය.ඔහුගේ මේ දස්කම් ගැන ඉගෙනුම ලබන ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ මාතර ශාඛාව පමණක් නොවේ,ලීඩ්ස් පාසල් සමූහයේ සභාපතිවරයාගේ සිට සියලු දෙනාම සුබ පතන්නේ වගේම ආශිර්වාද කරන්නේ, ඉදිරියට යන්න අත හිත දීපු දයාබර ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලයක් ලෙස ය.
චෙයාමන්ගේ ඉදලා ටීචර්ස්ල ඔක්කොම ක්‍රීඩාව නිසා මගේ අතපසුවන අධ්‍යාපන වැඩ කටයුතු ආවරණය කරගන්න හොඳටම උදව් කරනවා.ඒ නිසා මම ක්‍රීඩාවෙදි වගෙම අධ්‍යාපනයෙදිත් අසාර්ථක වෙලා නැහැ.ඒ වගෙම තමයි යාළුවො.ඒ අයත් හැමෝම මට උදව් කරනවා.
ඔහු උසස් පෙළ අවසානයේ වෛද්‍ය සිහිනය ද සමඟ ක්‍රීඩාව සමබරව පවත්වාගෙන යන්නේ ඒ ආකාරයටය.
ඒ කියන්නෙ දුවන දොස්තර මහත්තෙක් කවදහරි දවසක…
මගේ ප්‍රශ්නයට ඔහු දෙන පිළිතුරෙන් එය ප්‍රතික්ෂේප වන්නේ නැත.
ඔව් එහෙම වෙන්න පුළුවන්.උසස් පෙළ සමත් වෙලා ඒ සිහිනයේ ඉතිරි ටික වෙනුවෙන් සමහර වෙලාවට මට තාත්තා ගාවට යන්න පුළුවන් වෙයි.එතකොට මීට වඩා පහසුකම් ලැබෙයි.හැබැයි බොහෝ වෙලාවට මම පුහුණුකරුනම් මාරු කරන එකක් නැති වෙයි.මාව ඉතාම හෙමින් ලාල් ස්ර් මාව මේ තැනට ගෙනාපු හැටි ගැන මට විතරක් නෙමෙයි අපේ පවුලෙ හැමෝටමත් තියෙන්නෙ ලොකු පැහැදීමක්.ඉස්සරහටත් මං හිතන්නෙ ස්ර් තමයි මාව හරියටම දුවන්න ට්‍රේනිං කරන්න දන්න කෙනා.


ඉඳුවර වේගවත් කෙටි දුර ධාවකයෙක්ය.තමන්ගේ ඉලක්කය කරා යන්නට ඉවසීමෙන් සහ සංයමයෙන් වැඩ කරන්න දන්න දුලබ ගති ඇති තරුණයෙක්ය.එසේම අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරව රැඟෙන යන්නට මෙන්ම ඒ දෙකම ජය ගන්නට අරමුණක් සැළසුමක් ඇති තරුණයෙක්ය.ඒ නිසා දිනෙක ඔහු ක්‍රීඩා පිටියේ ජාතික මට්ටමෙන් තරග වඳින වෛද්‍යවරයෙක් විය හැකිය.ඒ දුලබ දසුන දිනෙක දකින්නට හැකි වෙනු ඇතැයි සිතිය හැකි මට්ටමෙන් වැඩෙන මේ තරුණ මානවයා රටේ ක්‍රීඩාවේ අනාගතයට බෙහෙවින් වැදගත්ය.ඒ ඔහු ක්‍රීඩාවෙන් සහ අධ්‍යාපනයෙන් පසු කරන ජය කණු හෙට ක්‍රීඩාවට නැණවත් සහ සවිමත් මෙන්ම ගුණවත් පිරිසකට පැමිණෙන්නට එළන පාවඩයක් බඳු බැවිනි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...