එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Date:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක් කළ සහකාර මහලේකම්වරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වූවාය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාවට දීර්ඝකාලීනව නැඟීසිටීමට සහ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම උදෙසා දුෂ්කර තීරණ ගැනීමට සිදුවන බව සහකාර මහලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිසෙහි පිළිගැනීම විය.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු මෙරට දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජිත පිරිස දැනුවත් කළ අතර එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශංසාව පළ කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...