නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද. ආණ්ඩු පක්ෂයෙන් විශේෂ සූදානමක්

Date:

2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පෙරවරු 09.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනු ඇති අතර පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍ර ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකෙරෙනු ඇත.

එමෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද අද දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...