*
Friday, September 20, 2024
spot_img

Latest Posts

විනිසුරු කටයුතු සමාලෝචනයට පළපුරුදු විමල්

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ විනිසුරු කටයුතුවල තත්ත්වය ඉහළ නැංවීම සඳහා,තරග විනිශ්චය කටයුතු සමාලෝචනය කිරීම සඳහා විමල් පෙරේරා ගේ සේවය ලබා ගැනීමට ශ්‍රි ලංකා රග්බි තීරණය කර ඇත.ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ඇගයීමක් ඇති විනිසුරුවන් පුහුණු කරන්නෙක් වන විමල් වසර 15 ක් ම තරග නිලධාරීන් පුහුණු කිරිම භාරව ආසියානු රගර් සමඟ කටයුතු කර ඇත.
ජාත්‍යන්තර මට්ටමේ තරඟ විනිසුරුවන් පුහුණු කරන්නෙක් සේ ප්‍රකට විමල් පෙරේරා,ඒ සම්බන්ධයෙන් උපදේශකයෙක් ලෙස ජාත්‍යන්තර සහතික ලත් අයෙකි.එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල ගෞරවයක් දිනා ඇති විමල් පෙරේරා වසර 15 ක ආසියානු රගර් හී විනිසුරු පුහුණුකරු තනතුරේ කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේද විනිසුරු සංගමයේ සභාපතිවරයා සේ කටයුතු කර ඇත.
වර්ථමානයේ පවතින තත්ත්වයන්ට අනුව විනිසුරු කටයුතු ඉහළ ප්‍රමිතියට ගෙන ඒම සඳහා විමල් පෙරේරා එම තනතුර සඳහා කැඳ වූ බවත්,සතිපතා තරග විනිසුරු කටයුතු සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් ඔහුගෙන් අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රගර් පවසයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan