ඇමෙරිකාවෙන් ලාංකිකයන්ට රැකියා!

Date:

ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් තහවුරු කර ගැනීමට සමත්වූ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා අංශයේ බඳවා ගැනීම් සිදුකරන සමාගමක් සමඟ මේ පිළිබඳ ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුමට අනුව ලියාපදිංචි හෙදියන් 250 කට රසායනාගාර තාක්ෂණ ශිල්පීන් 100 කට සහ හෙද සහායිකාවන් 200 කට ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය එම රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීම් දේශීයව සිදු කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...