*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/05

1. මැතිවරණ කොමිසම 2023 ජනවාරි 18 සිට 21 දක්වා පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවයි.

2. ස්වර්ගස්ත 16 වන බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ගෞරව දැක්වීමක් වශයෙන් අද දින ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුම රාජ්‍ය ආයතනවලට නියෝග කරයි.

3. මූලික උද්ධමනය 2023 හි පළමු භාගයෙහි දී අඩුවීමක් සහ 2023 අවසානය වන විට අපේක්ෂිත මට්ටම් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි – 2022 දී ආර්ථිකය 8% කින් හැකිලුණු බවක් තිබූ අතර 2023 හි දෙවන භාගයේ සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පහසුකම “2023 මුල් භාගයේදී” ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරයි – කෙසේ වෙතත් 2022 තුන්වන කාර්තුව වන විට ජාත්‍යන්තර අරමුදල් පහසුකම ක්‍රියාත්මක වන බවට මහබැංකු අධිපතිවරයා මීට පෙර සහතික විය.

4. කටුනායක ගුවන් තොටුපළ නව පර්යන්ත ව්‍යාපෘතිය නවතා දැමීම හරහා සිදුවූ අලාභයට රු. මිලියන 8,000 ක පමණ අතිවිශාල මුදලක් එම ව්‍යාපෘතියේ ජපන් කොන්ත්‍රාත්කරු රජයෙන් ඉල්ලා ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි – 2022 අප්‍රේල් 12 වන දින ණය පැහැර හැරීම හේතුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) එම ව්‍යාපෘතිය සඳහා ලබා දුන් අරමුදල් ආපසු ලබා ගැනීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව මෙසේ නවතා දමා ඇත.

5. 2022 දෙසැම්බර් 30 වැනි දින මහ බැංකු සේවකයන්ගේ “භාවිත නොකළ නිවාඩු මුදල් ගෙවීම් (leave encashment)” ගෙවා දැමීම හරහා 2023 ජනවාරි සිට ක්‍රියාත්මකවන නව බදුවලින් කොටසක් පැහැර හැරීමට මහ බැංකුවේ කාර්යමණ්ඩලයට හැකියාව ලබා දීමට මුදල් මණ්ඩලය කටයුතු කර ඇති බව මහ බැංකු ආරංචිමාර්ග අනාවරණය කරයි – භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙම “බදු පැහැර හැරීමේ” ක්‍රියාමාර්ගය හරහා ප්‍රතිලාභ ලබන්නකු බව සඳහන් – මහින්ද සිරිවර්ධන මුළු රටේම බදු සහ උපයෝගිතා මිල ඉහළ දැමීමේ ප්‍රයද්නයේ ඉදිරියෙන්ම සිටි අයෙකි.

6. රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීම සඳහා 100% ක් භාණ්ඩාගාරය සතු දේපල සමාගමක් සංස්ථාගත කිරීමට කැබිනට් අනුමැතිය!

7. රජයේ රෙගුලාසි ද නොසලකා හරිමින් පාඩු ලබන ප්‍රධාන සංස්ථා සහ මණ්ඩල 2ක් (ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය) බදු ගෙවන්නන්ගේ බර නොතකා තම සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන තහවුරු කරයි.

8. ණය සහන කාලය තවත් වසරකින් දීර්ඝ නොකළහොත් බොහෝ හෝටල් වැසී යනු ඇතැයි හෝටල් සංගමයේ සභාපති එම් ශාන්තිකුමාර් අනතුරු අඟවයි – විශේෂයෙන්ම විදුලි පිරිවැය ඇතුළු වියදම් ඉහළ යාම මධ්‍යයේ අපේක්ෂිත ප්‍රතිසාධනය පැහැදිලි නොමැති බව ද පෙන්වා දෙයි.

9. බත්තරමුල්ල අකුරේගොඩ ඉදිකෙරෙමින් පවතින ‘පෙන්ටගනයේ’ (Pentagon) හැඩය ගන්නා ආරක්‍ෂක මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ වැඩකටයුතු, වසර 12 කට ආසන්න කාලයකට පසු 2023 දී නිම කිරීමට අපේක්ෂිතය.

10. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා සමාජ හා දේශපාලන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් අගය කරයි – “තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සංහිඳියාව සහ සමාජ ආරක්ෂණය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම” පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා කරයි – ණය අර්බුදය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමඟ සාකච්ඡා කරන අතර, “ධාරිතා ගොඩනැගීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඇති කැමැත්ත” ද සහතික කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan