මෙරට ආහාර නිෂ්පාදන 33 ක් චීනයට අපනයනය කිරීම සඳහා එරට සාමාන්‍ය රෙගුලාසි පරිපාලන ආයතනයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව චීනයේ ලියාපදිංචිව ඇති ශ්‍රී ලාංකික සමාගම් 38 ක් මෙම නිෂ්පාදන අපනයනකරුවන් ලෙස ක්‍රියාකිරීමට නියමිත ය.
මේ අතුරින් නිෂ්පාදන 29ක් ජලජ ආහාර නිෂ්පාදනයන් වන අතර එම අපනයනකරුවන්ට සහය දැක්වීම සහ නියාමනය සඳහා, ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය සහ චීන සාමාන්‍ය රෙගුලාසි පරිපාලන ආයතනය අතර ගිවිසුමකට එළැඹීමට මෙරට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.
රෂිකා හෙන්නායක