ලංකා බැංකුවේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ
මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට පැවරෙන බලතල අනුවය.
රොනල්ඩ් පෙරේරා මහතා මීට ඉහත යහපාලන රජය පැවති සමයේ 2015 සිට 2019 දක්වා ලංකා බැංකුවේ සභාපති ලෙස සේවය කළ අතර, 2022 අගෝස්තු මස සිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
ඒ අනුව මේ රොනල්ඩ් පෙරේරා මහතා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වන දෙවන අවස්ථාව වේ.
MIAP