ආර්ථික ප්‍රශ්න නිසා බොහෝ සිසු සිසුවියන් විශ්ව විද්‍යාලවලට එන්නෙ නෑ: හරිනි

Date:

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ගමන් වියදම් හොස්ටල් ප්‍රශ්න ආදී ආර්ථික ප්‍රශ්න නිසා බොහෝ සිසු සිසුවියන් විශ්ව විද්‍යාලවලට නෑවිත් ගෙවල් වල ම සිටින තත්ත්වයක් ඇති වී තිබෙන බව කී අමරසූරිය මහත්මිය රටට නායකත්වය දෙන්න ඉන්න පරපුරක් මෙවැනි තත්ත්වයකට පත් වීම කනගාටුදායක බවද පැවසීය.

මෙවැනි තත්ත්වයන් වල ප්‍රතිඵල භුක්ති විදින්නට සිදු වන්නේ වසර කිහිපයක් ගිය පසුව බව පැවසූ හරිනි අමරසූරිය මහත්මිය, මන්දපෝෂණ ප්‍රශ්නයට මුහුණ දීමේදී තෝරාගත් පිරිසකට පමණක් නොව මීට වඩා සැලසුම් සහගත ලෙස රජය ඊට මැදිහත් විය යුතුව තිබෙන බවද කීවාය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...