ශාන් විජයලාල් වෙනුවට සජින් වාස් අම්බලන්ගොඩට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ නව සංවිධායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පත්කර ඇති බව වාර්තා වේ.

ඒ, අම්බලන්ගොඩ ආසනයේ හිටපු ශ්‍රීලනිප සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගයට එක්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ය.

එසේම ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සජින් වාස් ගුණවර්ධනව ශ්‍රීලනිප ගාල්ල දිස්ත්‍රික් නායකයා වශයෙන් ද පත්කර ඇති බව සඳහන්.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණයට එළඹී ඇත්තේ පෙරේදා (03) දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පක්ෂ මූලස්ථානයට කැඳවා පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ය.

RN