යුක්තිය මෙහෙයුමෙන් තවත් 1184ක් අත්අඩංගුවට. 23 කගේ නීතිවිරෝධී වත්කම් ගැන විමර්ශන

Date:

2024.01.04 දින පැය 0030 සිට 2024.01.05 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1184 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 59 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.

එසේ අත් අඩංගුවට ගත් අය අතරින් සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 49 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එමෙන්ම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එදින මෙහෙයුම්වලින් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ.

හෙරොයින් 337 g 758 mg
අයිස් 242 g 372 mg
ගංජා 06 kg 629 g
ගංජා පැල 7772 ක්
මාවා 03 kg 694 g
හශීස් 55 g
මත්පෙති 1221 ක්
කුෂ් 1 kg 226 g

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...