මැක්‍රොන් රජය සමඟ සමතලා වුණු “මත්පැන් රහිත ජනවාරිය”!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මත්පැන්වලින් තොර “වියළි ජනවාරිය (Dry January)” හෙවත් මත්පැන් රහිත ජනවාරිය සඳහා තම සහය ලබා දීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මත්පැන් ලෝලීත්වය පිළිබඳ විශේෂඥයින් පනස් දෙනෙකු පමණ මේ සතියේ විවෘත ලිපියක් ලිව්වේ උත්සව සමයේ මත් පැන් තහනම් ව්‍යාපාරයට රජයේ සහයෝගය නොලැබීම පිළිබඳ මැසිවිලි නඟමිනි.

“වියළි ජනවාරිය (Dry January)” සංකල්පය 2020 දී ප්‍රංශයට පැමිණ තිබේ.

Défi de janvier (ජනවාරි අභියෝගය) එක්සත් රාජධානියෙන් හඳුන්වා දුන් දා සිට ජනප්‍රිය සමාජ අංගයක් බවට පත්ව ඇති නමුත් එහි සාර්ථකත්වයට ප්‍රංශ රජය නිසි සහයෝගය ලබා නොදීම කණගාටුවට කරුණක් වී හමාරය.

ඇමතිවරු කිහිප දෙනෙක් සම්පූර්ණයෙන්ම මත්පැන් පානය කිරීමට වඩා මධ්‍යස්ථභාවය පවත්වාගෙන යාමට කැමති බව පවසති.

ප්‍රංශය තුළ මධ්‍යසාර පරිභෝජනයේ සමස්ත අඩුවීම පසුගිය අඩ සියවස තුළ 70% කින් සහ පසුගිය වසරේ පමණක් 7-10% කින් පහත වැටීම “වියළි ජනවාරිය (Dry January)” ව්‍යාපාරයේ ආන්දෝලනාත්මක පැතිකඩක් පිළිබිඹු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau පැවසුවේ ය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...