*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කපුටෙක්ගෙන් මොණර නැටුමක්වත් ගැරඬියෙක්ගෙන් නයි නැටුමක්වත් බලාපොරොත්තු වෙන්න බැහැ – රන්ජන් ජයලාල්

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනතට එරෙහිව අද (05) තුන්වන දිනටත එහි වෘත්තීය සමිතිවල ඒකාබද්ධ විරෝධය පැවැත්වුණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළේ පැහැදිලි ලෙසම මෙම පනත පරාජය කිරීමට ක්‍රියා කරන බවයි.

එම පනත ජාතික විපතක් බවටයි ඔහු පෙන්වා දුන්නේ.

”අපි රනිල් වික්‍රමසිංහට, කංචනට කියන්න ඕනේ ඔවුන් අධිකරණ නියෝගයක් අරන් තියෙනවා අපිට අරලියගහ මන්දිරයට,රජ ගෙදරට, මුදල් අමාත්‍යාංශයට යන්න එපා කියල. බංකොලොත් වෙච්ච පිස්සු හැදිච්ච සොම්බියෙක් ලගින මේ රටේ ජාතික සම්පත් විකුණන ඒ පුද්ගලයාගේ නිල නිවාසෙට යන්න තරම් අපි මෝඩ නැහැ. අපි එකක් කියනවා අපි ඔය ජනාධිපති මන්දිරයට එනව යම්කිසි දවසක මේ රටේ ජාතිඔක ආයතනවල ගොඩනගන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශනයත් අරගෙන. ගොඩක් අය දරන මතයක් තමයි කංචනට තාම පුළුවන්.රනිල්ට පුළුවන්. අපි සංශෝධන දෙමු කියල. කාක්කෙක්ගෙන් කවුරුහරි බලන් ඉන්නවා නම් මොණර නැටුමක් ගැරඩික්ගෙන් කවුරුහරි බලන් ඉන්නවා නම් නයි නැටුම් බලන්න ඒක කරගන්න බෑ. අපි පැහැදිලිව තීරණය කරලා තියෙනවා කංචන ඔයාට බෑ. රනිල් ඔයාලගේ දේශපාලන ඉතිහාසයේ කරපු දේවල් නිසා තමයි මේ ජනයා පාරට බැහැල කෑගහන්නේ. කන්න නැතුව ඉන්නේ. බිල ගෙවා ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා ඔයලට යෝජනා දෙන්න තරම් ලංකා විදුලි සේවක සංගමයේ අපි අඳබාල නැහැ. ඒ නිසා අපි කංචනලට කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය,අප්‍රසාදය පළකරන්නේ අන්කිසිවක් නිසා නෙවෙයි උඹලට අකුලාගෙන යන්න කියල.අපි කියනවා කාට කාටත් මේ වංචාව කරන්න එපා. උසාවි නියෝග ගන්නේ වෙනමොකටවත් නෙවෙයි උන් අද බයවෙලා. අපි කංචනට රනිල්ට කියනවා මේ බය තියාගන්න. හරක් කටා කියන්න එපා අර පාතාලේ නායකයට. අපි තෙන්නකෝන් මහත්තයට කියනවා හරක් කටා ඉන්නේ විදුලි බල අමාත්‍යාංශයේ පැහැදිලියි මේක ගල උඩ සටනක්. රනිල් අපි ඔයාට චැලේන්ජ් කරනවා කංචන අපි ඔයාට චැලේන්ජ් කරනවා සහතිකයි අපි මේ පනත පරාජය කරනවා. අඩුම ගානේ කිකිළිගේ බිත්තරේටවත් මිලක් දෙන්න බැරි,කුකුල් ගොවිපොළක්වත් පවත්වාගෙන යන්න බැරි ආණ්ඩුවකට අපි කියනවා නම් යෝජනා දෙන්නම් මේ විදුලි බල මණ්ඩලය ගොඩගන්න කියල අපට වඩා අමනයෝ තවත් නැහැ. ඒ නිසා අපි ඔවුන්ට කියනවා අකුලාගෙන පලයල්ලා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan