‘MV Lila Norfolk’ නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් පැහැර ගනී!

0
279

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෝමාලියාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ලයිබීරියානු ධජය සහිත ‘MV Lila Norfolk’ නෞකාව පැහැර ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වෙළෙඳ නෞකාවක් වන එහි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු ද සිටින බවයි.

අදාළ නෞකාව කොල්ලකරුවන් පිරිස විසින් පැහැරගෙන ඇත්තේ, බ්‍රසීලයේ Du Aco වරායේ සිට බහරේනය දක්වා ගමන් කරමින් සිටියදී බව ඉන්දීය නාවික හමුදාව පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය නාවික හමුදාව පවසන අතර, අදාළ යාත්‍රාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා INS Chennai ඉන්දීය යුද නෞකාව යොදවා ඇති බවද වාර්තා වේ.