සමඟියට එකතුවෙන සමහර අය ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා – සමඟි මන්ත්‍රී විජේසිරි

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගය වටා එකතු වෙන ඇතැම් පිරිස් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රැවටීමේ කඳවුරේ සිටි පිරිස් ද මේ මොහොතේ සමඟි ජන බලවේගයට එකතුවෙමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අවධානයෙන් පසුවිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

මේ අතර බදු ප්‍රශ්නය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටියේය.

”ජනතාවගේ මූලික ප්‍රශ්නටික විසදීම මඟහරිමින් ජනතාව කබලෙන් ලිපට ඇදල දාන එක මේ බදු හරහා කරමින් ඉන්නවා. රට මේ මොහොතෙ දුවන්නෙ දේශිය කර්මාන්ත හරහා. මේ බදු නිසා එම ව්‍යාපාරවලට මරු පාරක් වදිනවා කියන එක රනිල් දන්නවා. මේ පීඩනයෙන් ජනතාව බේරගන්නේ නැත්නම් ඒක පාලකයාගෙ අදක්ෂභාවය. සීනිවලින් හොරාකාපු උන් කොරොනා අරමුදලින් හොරා කාපු උන් රට හදනකම් ඉන්න කිවුවට විශ්වාසයක් තියෙයිද?
මේ රට වට්ටපු උන් තමයි රට හදන්න කතා කරන්නෙ.”

මේ අතර ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස පත්විය යුත්තේ ඩීල් නොදමන ගේම් නොගහන කෙනෙක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...