නව වසරේ WhatsApp අලුත් විශේෂාංගයක් හඳුන්වා දෙයි!

0
2933

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):WhatsApp සිය පරිශීලකයින්ට ලේඛන හුවමාරුව පහසු කිරීම අරමුණු කරගත් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. 

මීට පෙර, පරිශීලකයින්ට තමන්ගේ ලේඛන ඡායාරූප ගත කිරීමට, ස්කෑනිං යෙදුමක් භාවිතා කිරීමට පවා සිදූ අතර නව යෙදුම මඟින් පරිශීලකයින්ට දැන් යෙදුම තුළ සෘජුවම ලේඛන හුවමාරුව සිදු කළ හැකි වේ.

මෙම නව ක්‍රියාකාරීත්වය, පරිශීලකයින්ට ඔවුන්ගේ දුරකථනයේ කැමරාව භාවිතයෙන් ලේඛන කාර්‍යක්ෂමව යැවීමට ඉඩ සලසයි.

WaBetaInfo අලෙවිසැල විසින් වාර්තා කරන පරිදි, iOS වර්ෂන් 24.25.89 සමඟ WhatsApp භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය දැනට පවතී.

සියලුම Android භාවිතා කරන්නන් හෝ WhatsApp ව්‍යාපාර ගිණුම් වෙත එය තවමත් ලබා දී නොමැති වුවද, ඉන්දියාවේ WhatsApp පරිශීලකයින් දැනටමත් මෙම විශේෂාංගයට ප්‍රවේශ වීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.