ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවයට නව පිරිසක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ (LNW):

2022 වසරේදී අත්හිටුවීමට කටයුතු කළ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවයේ පුරප්පාඩු සඳහා පත්වීම් ලිපි 100 දෙනෙකුට ලබාදීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

2019 වර්ෂයේදී පුරප්පාඩු 303ක් සඳහා විභාගයක් පවත්වා තිබූ අතර ඉන් 178 දෙනෙකු තෝරාගෙන තිබූ බව සඳහන් වේ. කෙසේ වෙතත් නව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය අනුව අද (06) දින පත්වීම් ලබා දුන් අතර එය 100 කට සීමා වුණා.

එයට හේතුව, මීට වසර 5කට පෙර පැවැති  විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයකින් සිදු කරන හේතුවෙන් පත්වීම් ලබා ගැනීමට ඉතිරිව සිටියේ 100 දෙනෙකු පමණක් වන බැවිණී.

දුම්රිය දෙපාර්තමේන්තුව වැනි පැරණි කීර්තිමත් රජයේ ආයතනයක විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලැබීම වටිනා අවස්ථාවක් වන බව මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, රාජ්‍ය අංශය ශක්තිමත් කර උපරිම ඉහළ මට්ටමකට  ගෙන ඒමට උත්සාහ කරන බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...