ඩීල් දේශපාලනය තුළ කිසිදාක දූෂණය මර්දනය කරන්න බෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්ධනය කිරීම අපහසු බවත් එය මර්ධනය කළ හැක්කේ ඩීල් දේශපාලනයෙන් තොරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගය යනු, යාළුකම, හිතවත්කම, නෑදෑකම මත දේශපාලනය කරන ව්‍යාපාරයක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, සිය අරමුණ වන්නේත් ඒකායන ප්‍රතිපත්තිය වන්නේත් දූෂණය අතුගා දැමීම බවයි අවධාරණය කළේ.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” පස්වෙනි අදියර ඊයේ (05) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කන්තලේ වාන්ඇල මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (05) සිදුකෙරිණි.

“සුප්‍රසිද්ධ දේශපාලන චින්තකයකු වන ඇක්ටන් සාමි වරයා ප්‍රකාශ කරනවා අසීමිත බලය අසීමිත දූෂණයට මඟපාදයි කියන කාරණය. සමගි ජන බලවේගයේ ප්‍රධාන තේමාව දූෂණය ට විරුද්ධව පිළිවෙලවල් මෙහෙයවීමයි. දූෂණය, රාජ්‍ය මංකොල්ලය, වංචාව තියෙන තැන රටවල් ගොඩනැඟෙන්නේ නැහැ. අපේ රටටත් අද ඒ ඉරණම අත් පත් වෙලා තියෙනවා. එහෙම රටකට ඉදිරියට යන්න බෑ. මේවාට දඬුවම් ලබා දිය යුතුයි. ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්දනය කරන්න බෑ. දූෂණය , අල්ලස ,හොරකම යන ඒවායින් සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරන මුදල් මංකොල්ලකන යුගයක් නිර්මණය වෙලා තියෙනවා. සිරගතව සිටින රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරා ඩීල් දේශපාලනයේ පල විපාක. ඒ අය ඔක්කොම යාළුවෝ මල්ලි. මේක තමයි වර්තමාන දේශපාලනයේ යථාර්ථය. සමගි ජනබලවේගයෙ යාළුකම, හිතවත්කම, නෑදෑකම් මත දේශපාලනය කරපු සංස්කෘතිය අතුගා දමනවා” යැයිද ඒ මහතා එහිදී කීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...