වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ තීන්දුව අද

Date:

2021 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර රැඳවියන් 8 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව වසර තුනකට අධික කාලයක් තිස්සේ විභාගයට ගැණිනි.

මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ සහ විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් 10 වනදා මහාධිකරණ විනිසුරු මඬුල්ල පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවල පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් ඒ පිළිබඳව පුළුල් ලෙස අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බවත් නඩුවේ තීන්දුව 2022 ජනවාරි 06 වනදා ප්‍රකාශයට පත්කරන බවත්ය.

ඒ අනුව අද දිනයේදී එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...