කරන්න ඕනේ කැබිනට් සංශෝධනය නෙවෙයි ඉල්ලා අස්වෙන එක – තිස්ස(VIDEO)

Date:

කැබිනට් සංශෝධනයක් ගෙන ආ පමණින් ප්‍රශ්න නොවිසඳෙන අතර වසර දෙකක්ම රට පාලනය කළේද මේ ආණ්ඩුවම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ආණ්ඩුවේ ඇමැතිවරුම ආණ්ඩුව ආසාර්ථක බව පිළිගන්නේ නම් කිරීමට ඇති එකම දේ ඉල්ලා අස් වී ජනතාවට කැමති ආණ්ඩුවක් තෝරා ගැනීමට ඉඩ දීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහෙයින් ජනතාවට තවදුරටත් වැඩ නොදී ඉල්ලා අස් වී ගෙදර යන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව ද හෙතෙම කියාසිටියි.

ආණ්ඩුව විවේචනය කළ චෝදනාව මත සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා පමණක් ඉවත් කිරීමෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරු සිදුකරන්නේ රඟපෑමක් බව පැහැදිලි වන බවද අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...

යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස්...

රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට...