ඩොලර් අර්බුදයෙන් කිරි නිෂ්පාදනයටත් බලපෑම් – කිරි ගවයන්ට බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස්

Date:

ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය සඳහාද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දියර කිරි නිෂ්පාදනයේ නිරත වන ගොවීන් පවසන්නේ ගවයන් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් සත්ව ආහාර සහ බඩඉරිඟු ආනයනය විශාල ලෙස සීමා වී තිබේ. සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීම සඳහා රජය අවසර ලබා දී ඇති නමුත් ඒ් සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගැනීමට නොහැකි වී ඇත.

මේ අතර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතා සඳහා බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. පොහොර හිගය නිසා රටේ බොහෝ ප්‍රදේශවල බඩඉරිඟු වගාව විනාශ වී ඇති අතර විනාශ වූ වගාවල බඩඉරිඟු ගස් සත්ව අහාර සඳහා මිලදී ගැනීම හේතුවෙන් බඩඉරිඟු ගොවීන්ටද යම් සහනයක් හිමිවන බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසනවා.

මේ වනවිට දේශීය දියර කිරි නිෂ්පාදනය 20% කින් පමණ පහත වැටී ඇති අතර ඉදිරියේදී දියර කිරි නිෂ්පාදනය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි කිරි ගොවීන් පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක්...

පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ... හෙලූ දුක් කදුළු වේදනා අපමණ...දන්නෙ...