නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW:
ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ හිටපු සභාපතිවරයෙකු වන රිස්ලි ඉල්ලියාස් විසින් තමන්ට ආසියානු රග්බි සම්මේලනය හරහා පැමිණ තිබෙන තහනම වැරදි සහගත එකක් බවත්,ඒ සම්බන්ධයෙන් ලෝක සම්මේලනයේ දක්වන නිද්‍රාශිලී එකක්වීම ගැනත් ලෝක රග්බි පරිපාලනයට චෝදනා කරයි.එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සදහා මැදිහත් වූ ඩේවිඩ් කඅරිජිට ඔහු සෘජුවම චෝදනා එල්ල කරයි.
“මගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කැඳවන ලෙස මම ඩේවිඩ් කැරිජිට විවෘතව අභියෝග කරමි. මගේ නීති කණ්ඩායම සමඟ සාක්ෂි දීමට සහ මට පනවා ඇති අත්හිටුවීම නීති විරෝධී සහ දෝෂ සහිත ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් බව පෙන්වීමටත් මම සූදානම්“ යනුවෙන් එහිදී ඉල්ලියාස් අභියෝග කර සිටියි.
බොහෝ විට ඩේවිඩ් කැරිජි මෙම සිදුවීමට ප්‍රථමයෙන් ද ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රගතියට හරස් වූ කාරණාවන් සමඟ සබඳතා පවත්වා තිබෙන බවට ඇති ඉතිහාස සාක්ෂි ද ඉල්ලියාස් ට මේ චෝදනාවට පදනම් වී තිබෙන්නට ඉඩ ඇත.
විශේෂයෙන් ශ්‍රී ලංකාව රටක් වශයෙන් ලෝකය ඉදිරියේ දැඩි අපහසුවකට ලක් කරමින් විදේශිකයන් ජාතික කණ්ඩායමට යෙදවීම ලෝක සම්මේලනය ඉදිරියේ තහවුරු වූ පසුව,අදාළ නිලධාරීන්ගෙන් දඬ ලෙස පවුම් 50000 ක් අය කර ගැනීමට කටයුතු නොකර ශ්‍රී ලංකා රග්බි පරිපාලනයට එන මුදලෙන් එම මුදල අය කර ගැනීමට ලෝක සම්මේලනය සමඟ මැදිහත් වී ක්‍රියා කර ඇත්තේ ද ඩේවිඩ් කැරිජිය.
දේශීය පරිපාලනයේ සිට වරදට සම්බන්ධ අයගේ උවමනාව මත එම මැදිහත්වීම කරමින් වසර 10 ක් තිස්සේ එම මුදල රටට එන මුදලෙන් අය කර ගැනීමට කටයුතු කරන්න මැදිහත් වී ඇත්තේ රග්බි ජාත්‍යන්තර සම්මේලනයේ ප්‍රධානී ඩේවිඩ් කැරිජි ය.ඊට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් කිරීම රට විසින් අත හැරීම පදනම් කරගෙන ආසියානු රගර් පරිපාලනයේ ආශිර්වාදය දිනා ගෙන ඊට හේත්තු වීම සහ මේ වංචා ගැන කතා කරන කොට සහ දේශපාලන අධිකාරියට අවශ්‍යය ලෙස ක්‍රීඩාව නොහැසිරිවිම වැනි කරුණු පදනම් කරගෙන ආසියානු සම්මේලනයේ සභාපතිවරයාගේ සහ එවකට ක්‍රීඩා ඇමතිවරයා තම සීමාව ඉක්මවා යමින් ලාංකේය පරිපාලනයට කළ බාධා නිසා ඉල්ලියාස් මෙන්ම ඔහු යටතේ පැවති පරිපාලනයට ලංකාවේ ආණ්ඩුවෙන් මෙන්ම ආසියානු රගර් සම්මේලනයෙන්ද හානි පැමිණියේය.
මේ ඉතිහාසය ද රිස්ලි ඉල්ලියාස් ඩේවිඩ් කැරිජි ඉලක්ක කර චෝදනා කිරීම පිටුපස තිබිය හැකිය.කෙසේ නමුත් 2022 සිට සිඳුවන රිස්ලි ඉල්ලියාස් විසින් කරල ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ලෝක පරිපාලනයක් විධිමත්ව පරික්ෂා නොකිරීමම ගැටළුවකි.එසේම ආසියානු සම්මේලනය ගැන ද ඉල්ලියාස් මෙහිදී ආසියානු රග්බි තුළ දිගුකාලීන අක්‍රියතාවයක් සහ නිසි ක්‍රියාවලීන්හි අසාර්ථකත්වය 2022 පෙන් වූ පරිදිම තවමත් පැවතීම සම්බන්ධයෙන් ලෝක සම්මේලනයට කරුණු පෙන්වා දෙන අතරම මෙවැනි තත්ත්වයක් තුළ කැරිජි නොදුටු නියා,නෑසූ කන්ව සිටින්නේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් ඇති වන බවත්,
රිස්ලි ඉල්ලියාස්ගේ සමයේ නිල වශයෙන් පරිපාලනයට හුස්ම ගන්නවත් නිශ්චිත සහ ස්ථාවර කාලයක් ලබා නොදෙමින් ආසියානු සම්මේලනය,එයට සම්බන්ධ වී සිටි ලංකාවේ චෝදනාලාභීන් සහ ලංකාවේ දේශපාලන නායකත්වයන් ඉල්ලියාස්ට ස්ථාවර වන්නට නොදී විවිධාකාරයෙන් වැඩ කිරිමට ක්‍රීඩා පණත හරහා ඇති පහසුකම් භාවිතයට ගත්තේය.
මේ තත්ත්වයන් ගැන දේශිය පරිපාලනයට යම් නිවැරදි පරීක්ෂණයක් කළ හැකි බව ද ඉල්ලියාස් මෙහිදී පෙන්වා දී ඇත.ඔහු එක් වරක් පෙන්වා දුන්නේ රටක් වැරදි කළ පුද්ගලයන්ට දඬුවම් නො‘පැමිණවීමෙන් ඒ අයට අන්තර්ජාතික වශයෙන් වැඩ කිරීමට තටු ලැබෙන බවය.එය ලෝකයටම වැරදි කළ හැකි අන්දමට විසා ලබා දීමක් බව ද ඉල්ලියාස් මීට පෙර ද ප්‍රකාශ කර ඇත.
මේ තත්ත්වයන් යටතේ ක්‍රීඩාව දන්නා,ක්‍රිඩාව කර ඇති දේශපාලකයන් වරදකරුවන්ට දඩුවම් නොකර කර ඇරිය ආකාරයටම,ක්‍රීඩා කර නැති සහ ක්‍රීඩාව නොදන්නා දේශපාලකයන් ක්‍රීඩාව කර ඇති අයගේ අදහස් ඉන්ද්‍රජාලික වස්තූන් සේ ව්ශ්මිතව පිළිගත්තේය.ඒ අතර ලංකාවේ රගර් ක්‍රීඩා කරන සියළුම ක්‍රීඩා සමාජ ඒ ඒ පළාත්වල පළාත් සංගම් යටතේ ක්‍රියා කළේය.ඊට ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල බලය වැඩි කිරීමේ යෝජනාවකින් ව්‍යවස්ථාව වෙනස් කළ අතර ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ තිබෙන්නේ පළාත් දෙකක පමණය.
ඒ පළාත් දෙකේ ඒ ක්‍රීඩා සමාජවල සාමාජිකයන් වැඩි අවස්ථා ගණනකදී සිය පළාත් සංගමයේ කැමත්ත ඇතුව රගර් පරිපාලනයට පත්වීම සිඳුව ඇති අතර එම ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සඳහා විරෝධයක් පළාත් සංගම්වල නොතිබි අතර,සිඳු වූයේ පවුම් 50000 දඩ මුදලට වගකිව යුතු සහ නිසි තොරතුරක් නැති වියදම්වලින් රගර් පරිපාලන ගිණුම ණය ගිණුමක් බවට පත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විරෝධයක්ය.ඒ පුද්ගල විරෝධය ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් වන අගතියක් ලෙස හුවා දක්වමින් එම ව්‍යවස්ථාව වෙනස් කිරීමට වත්මන් අමාත්‍යවරයා ද විශාල වෙහෙසක් ගනිමින් ආශිර්වාදය ලබා දුන්නේය.
කෙසේ හෝ ඉල්ලියාස් පවසන්නේ තමන් රගර් පරිපාලනය තුළ විශාල වැඩ කොටසක් කලේ සිය පෞද්ගලික ධනය වැය කර වුවත්,එයට එරෙහිව වැඩ කරන අය ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතිනම් හෝ එය අවශ්‍යය බව නොපෙන්වන්නේනම් රගර් පරිපාලකයා විමේ අවශ්‍යයතාවයක් නැති බවය.සිය ආර්ථිකයට හානි සිඳු කර ගනිමින් ක්‍රීඩාවක් වෙනුවෙන් කැපවීම ඒ ක්‍රීඩාව සහ සමස්ත ක්‍රීඩාව හසුරුවන අය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක ඒ වෙනුවෙන් තව දුරටත් මහන්සි වීම පලක් නැති වුව ද,තමන්ට නිවැරැද්දේ දඬුවම් කිරීමට ආසියානු සභාපතිවරයා කටයුතු කිරීම දෝෂ සහගත සහ වැරදි ක්‍රියාවක් බවත්,ඒ සම්බන්ධයෙන් ලෝක සම්මේලනය වෙනුවෙන් පරීක්ෂණයක් කිරීම පමා කිරීම වැරදි බවත්,ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු පුද්ගලයින් නොසළකා හරිමින් ඒ බර ශ්‍රී ලංකා රගර් මත පැටවීමට ආශිර්වාද කළ ඩේව්ඩ් කැරිජි සිය වගකීම් ඉටු කර නොමැති බවත් පෙන්වීම තම අභිප්‍රාය බව ඉල්ලියාස් පෙන්වා දෙන්නේය.
නිරපරාදේ වරදකරුවෙකු ලෙස කවුරු හෝ තමන්ගේ බලය වැරදියට පාවිච්චි කරලා කෙනෙක් නම් කරනවානම්,ඊට එරෙහිව සටන් කළ යුතුයි.දඩුවම් ලැබිය යුතු පවුම් දහස් ගණන් දඩ වශයෙන් ගෙවන්න වැඩ කටයුතු කළ පුද්ගලයින් නිවැරදි පුද්ගලයින්ට වැරදිකරුවන් ලෙස විනිශ්චය දෙන ක්‍රියා පටිපාටියක් ආරක්ෂා කිරීම නූපන් පරපුරටත් කරන අපරාධයක් ලෙස ද ඉල්ලියාස් පෙන්වා දුන්නේය.
ජපානයට ද ආසියානු සභාපතිවරයා මේ හැන්දෙන්ම බෙදුවත් ඔවුන් දියුණු රටක් ලෙස එකාවන්ව පෙනී සිටි බවත් ශ්‍රී ලංකාවට වඩා බලවත් රටක් වීමට වඩා ජපානය තමන්ගේ රටේ ක්‍රීඩාවට නිරපරාදේ හානියක් වීමට නොදීමට එක්වීම නිසා ලෝක සම්මේලනයට ආසියානු සම්මේලනයේ තීරණයට එරෙහිව තීන්දුවක් ගැනීමට සිඳු වූ බවත් ඉල්ලියාස් පෙන්වා දුන්නේය.
“දැන් රගර් සභාපති හැටියට ඉන්නෙ මහා මුදල් නාස්තියක් කරලා පිරිවර එක්ක ගිහිල්ලා ජාත්‍යන්තර ඉසව් ගේන්න දේශපාලකයන්ට,ව්‍යාපාරිකයන්ට බැරි වුණත්,තනියෙන් ගිහිං ජාත්‍යන්තර ඉසව් ලංකාවට අරං ඒමේ හැකියාවක් තිබුණ ලෝකය පිළිගත්ත ක්‍රීඩා පරිපාලකයෙකුගෙ පුතෙක්.ඔහුට පුළුවන් වෙන්න ඕනි මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ශ්‍රී ලංකා රගර් විසින් ගත්තු තීරණ අතීතයට ගිහිං හොයා ගෙන ක්‍රියාත්මක කරවන්න.මට නෙමෙයි ශ්‍රී ලංකාවෙ සභාපති කෙනෙක්ටයි මේ විදිහට අසාධාරණ තීන්දුවක් ආසියානු සම්මේලනය අරගෙන තියෙන්නෙ.ඒ වෙනුවෙන් ඒ අය පෙනී සිටිය යුතුයි.පෙනේ පිප්පුවේ නැත්නම් නයාව දර මිටියට ගන්නවා වගේ තමන් කරාත් රට වෙනුවෙන් තීරණ ගද්දි මේ වගෙ වෙන්න පුළුවන් කියන එක පවිත්‍ර දැන ගන්න ඕනි.“
ඉල්ලියාස් පෙන්වා දෙන්නේ වත්මන් සභාපතිවරයා මෙන්ම ඔහුගේ නිලධාරි මණ්ඩලයේ බොහෝ දෙනෙක් තරුණ,රගර් ක්‍රීඩාව කරපු,රජයේ සහ පෞද්ගලික සමාගම්වල ඉහළ තනතුරු දරන අය බවත්,ඒ නිසා ඔවුන්ට මේ තත්ත්වය තේරුම් ගෙන පෞද්ගලිකව ඔහු වෙනුවෙන් නොව ආසියානු සභාපතිවරයා එයින් ශ්‍රී ලංකාවේ රගර්වලට කළ හානියට එරෙහිව කටයුතු කිරීමට පෙරට ආ යුතු බවය.


