සජිත් කියන දේ වරදක් නැහැ – පේරාදෙණියේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් කරුණු දක්වයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වර්තමාන රජයේ ආර්ථික මොඩියුල තුළ සියලුදෙනා අන්තර්ගතවන තත්ත්වයක් පෙනෙන්නට නොමැති අතර දුප්පත් ජනතාවගේ දුප්පත්භාවය වැඩි වෙමින් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පවසයි.

පහළ මධ්‍යම පාන්තිකයින්ට ආර්ථික පීඩාව දැනෙන බවත් බදු ගෙවන්නන්ට ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවීමට සිදුව ඇති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය සියලුම දෙනාට අත්කර දෙනවා වෙනුවට ණය දුන් පුද්ගලයින්ට වැඩි වාසියක් හිමි වන බව පෙනෙන්නට ඇති බවයි ඔහු පවසන්නේ.

එහෙයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය පිළිබඳව නැවත සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය ක්‍රමවත් කරගත යුතු බව ඔහු තවදුරටත් කියා සිටියි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

”ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ ණය තිරසර කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව යම් එකඟතාවලට පැමිණ තිබෙනවා. ඒ වගේම දිනකට ඩොලර් 4.2 කට අඩු ආදායමක් ලැබීම අන්ත දුක්ඛිතභාවයක් බව ලෝක බැංකුව අර්ථ දක්වනවා. ඩොලර් 4.2 ක යනු ජාත්‍යන්තර දරිද්‍රතා ඉම ලෙස හඳුන්වා දෙනවා. ඒ වගේම 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව සියයට 22.4 ක් වන බව ලෝක බැංකුව පුරෝකථනය සිදුකරනවා. ඒ වගේම 2027 දී ශ්‍රී ලංකාවේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවයනේ පෙළෙන ප්‍රතිශතය සියයට 20 කට වඩා වැඩි බවත් ලෝක බැංකුව දත්ත මගින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනය , සෞඛ්‍ය සහ ජිවන තත්ත්වය වගේම තවත් දර්ශක 10 ක් මත පදනම්වන බහුමාන දරිද්‍රතා දර්ශකය පිළිබඳවත් ලෝක බැංකුව තොරතුරු වාර්තා කර තිබෙනවා. බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව ලංකාවේ ජන ගහනයෙන් සියයට 50 ක් පමණ දුප්පත්භාවයෙන් පෙලෙනවා. එ් අතරයින් වතු ආශ්‍රීතව සියයට 68 ක පිරිසත් දුප්පත්භාවයෙන් පෙළෙන බවත් , ග්‍රාමීය දුප්පත්භාවය සියයට 48 ක් සහ නාගරික අංශයේ දුප්පත්භාවය සියයට 38 ක් බවත් ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශතයත් ඉහළ ගොස් තිබෙනවා. අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන සියයට 22.4 ක ප්‍රතිශතයට ඉහළින් සියයට 10 ක් සිටින බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා. එම සියයට 10 ක ප්‍රමාණය මොනයම් හෝ අවස්ථාවක දරිද්‍රතා ප්‍රතිශතයට එකතුවීමේ අවදානමක් තිබෙන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් රටේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අන්ත දරිද්‍රතාවයෙන් පසුවෙනවා.

ඒ වගේම ලෝක බැංකුව මෙම දරිද්‍රතා දර්ශක පිළියෙළ කර තිබුණේ දිට්වා සුළි කුණාටුව ඇතිවීමට පෙරයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු ඩොලර් බිලියන 4.1 ක සමස්ත පාඩුවක් රටට සිදුවී ඇති බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා. දළ දේශිය නිෂ්පාදනයෙන් එය ප්‍රතිශතයක් ලෙස එය සියයට 4 ක පමණ ප්‍රමාණයක් වනවා. විශේෂයෙන්ම මිලියන 2 ක ජනතාවක් මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂ 5 ක් පමණ දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

දරිද්‍රතා රේඛාවේ සිටින පුද්ගලයෙකුට 2021 දී රුපියල් 8000 ක් අවශ්‍ය වුයේ නම් අද වනවිට එම මුදල රුපියල් 16,000 දක්වා වැඩිවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා තවදුරටත් පෙන්වා දෙයි.

”ජීවන වියදම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම සුළි කුණාටු තත්ත්වයට පෙර රටේ ජනගහයෙන් සියයට 15 ක පමණ වහලයක් නැහැ. කෙසේ නමුත් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම තත්ත්වය තවත් බැරැරුම් ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ වගේම රටේ සියයට 20 කට වැඩි තරුණ තරුණියන් පිරිසක් විරැකියාවෙල් පෙළෙනවා. ඒ වගේම විදුලිබිල , ජලබිල ගෙවා ගැනීමට නොහැකිව තවත් විශාප පිරිසක් අපහසුතාවයන්ට පත්ව තිබෙනවා.”

එහෙත් ආර්ථික අර්බුදය හමුවේ බැට කමින් සිටි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව දැඩි බදු බරකින් පීඩාවට පත්ව සිටි ජනතාවට ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා මෙන් දෙයක් සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම රටට ඵලදායි ලෙස ප්‍රතිසංස්කරණය කරගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ මෙම පදනමෙන් බව ඔහු සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...