වසර ගණනක් පැරණි විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙහි අඩුපාඩු රැසක්: නියෝජ්‍ය අමාත්‍ය අරූන්

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW :

පසුගිය වසරේ විදේශ රටවල් සමග රටට හිතකර ගිවිසුම් රැසකට සම්බන්ධ වූ බවත් කොන්සියුලර් සේවාව ශක්තිමත් අංශයක් බවට පත් කිරීමට කටයුතු කළ බවත් විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන්  සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළ බවත් ඊයේ  (05) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා කියා සිටියේය.

වසර ගණනක් පැරණි විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙහි අඩුපාඩු රැසක් පවතින බව එහිදී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම වසරේදී එම පනත සංශෝධනය කර විදේශ රැකියා පනත නමින් නව පනතක් ගෙන එන බව සඳහන් කළේය .

එසේම විදේශ ශ්‍රමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නා බව පැවසූ ඒ මහතා ඔවුන් සඳහා රුපියල් මිලියන 10ක නිවාස ණයක් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

තවද ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විගමණික ශ්‍රමිකයන්ගේ ගැටලුවලට සෘජුව මැදිහත් වී ඒවා විසඳීමට කටයතු කරන බවද සඳහන් කර සිටියේය.

තවද ඔවුන්ට යම් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණිලි කිරීමට හැකි බවත් ඒ සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක් හඳුන්වාදීමට නියමිත බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...