කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
2026 වර්ෂය සඳහා පක්ෂයේ නිලතල ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම පත්වීම සිදු කර ඇති අතර පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.
උප සභාපති ධුරයට නවීන් දිසානායක පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ ලබා දී තිබෙන අතර එම පත්කිරීම 2026 ජනවාරි 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.


