*
Friday, September 20, 2024
spot_img

Latest Posts

රටේ අනාගතයට ශක්තිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

රටේ අනාගතය පදනම් වන්නේ ශක්තිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් හරහා බවත් පාසල, සිසුන් හා ගුරුවරු රැක ගැනීම සිය වගකීම බවත් රජයේ පාසල් 10000කට වැඩි ප්‍රමාණයක සිටින සෑම දෙනාගේම අයිතීන් ආරක්ෂා කිරීමට සමගි ජන බලවේගය නිරන්තරයෙන් කැප වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වලට සමගාමීව 59වන බස් රථය ලෙස,ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට පසුගියදා (04) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

සක්වල බස් රථ පරිත්‍යාග කරන වැඩසටහන බොහෝ දෙනකුගේ ගෞරවයට පාත්‍ර වුවත් සුළු කොටසක් එය විවේචනයය කරන බවත් එය අතීතයේ සිට අප රට තිබූ ගැටලුවක් බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇගලුම් කම්හල් ආරම්භ කරන කාලයේ පවා එය දැඩි ලෙස විවේචනය කළ බවත් එම වැඩසටහන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට සැලසුම් කළත් 17 වසරක ආණ්ඩුව පරදවා බලයට පත් වූ නව රජය එකී කර්මාන්තශාලා වැසීමට පටන් ගත් බවත් එම කාර්මාන්ත ශාලා පැවතියා නම් මේ අර්බුධයට විසඳුම් පහසුවෙන් සොයා ගැනීමට හැකියාවක් ඇති බවත් රට මේ තත්ත්වයෙන් හෝ පවතින්නේ මේ කාර්මාන්තශාලා නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගාමී, ඊර්ෂයාකාර, කුහක දේශපාලන සංස්කෘතියක් පැවතීම නිසා යමෙක් කුමක් හෝ හොඳ වැඩක් කළොත් ඔවුන් එය විවේචනය කරන බවත් ඔවුන්ට හැකියාව ඇත්තේ රැස්වීම් පවත්වා විප්ලවීය වචන භාවිත කර නිර්දය ලෙස විවේචනය කිරීම බවත් එම විවේචන නිසා මේ වන විට අප රට විශාල අගාධයකට පත්ව ඇති බවත් 2019 ජනාධිපතිවරණයේ දී පවා සිදු කළ එම විවේචන සහ එදා පත් කර ගත් වීරයා සහ සූරයා අප රට හිඟන රටක් බවට පත්කර ඇති බවත් ඒ නිසා අභිමානවත් රටේ ඇමතිවරු රට රටවල කැට හොල්ල හොල්ලා හිඟා කමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශඅභිමානය, දේශප්‍රේමීත්වය ගැන කතා කරන අප රටේ සමහර පාසල්වල ඉගෙන ගන්න ඇත්තේ පරිගණක 2ක් පමණක් බවත් එසේ ම මෙවැනි විවේචනය කරන පුද්ගලයන් දිගින් දිගටම උනුත් එකයි මුනුත් එකයි කිය කියා සිටියත් එම උනුත් එකයි මුනුත් එකයි කියන 75 වසරක කාලය තුළ මහවැලිය, ගම් උදාව වැනි වැදගත් ව්‍යාපෘති ආරම්භ වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ උනුත් එකයි මුනුත් එකයි කියන එයත් එක හා සමාන බවත් එසේ කියන අය සුනාමි හොරා බලයට ගේන්න කටයුතු කළ බවද පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan