*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

මැතිවරණ කොමිසම මත හතරක. එක මතයකට එන්නැයි ජනපති කියයි

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) සන්ධ්‍යාවේ හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත 4ක් දැරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳ මතයන් හතරක් දැරීම පිළිබඳ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පළමුව ඔබ සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙසයි.

කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස ද වික්‍රමසිංහ මහතා පිරිස දැනුවත් කර තිබේ. ඒ සඳහා නීතිමය සහයෝගය ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

නීතිපතිවරයා එහිදී දන්වා ඇත්තේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැතිය යුතු පසුබිම පිළිබඳ වන තත්ත්වයන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුවත් කරන ලෙසයි. මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳ යම් නීතිමය ගැටලුවක් ඇතොත් එය විමසීමට අවශ්‍ය වන්නේ නම් සෘජුවම තමා වෙත දන්වා එවන ලෙස ද නීතිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan