කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් – බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය

Date:

කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය පවසයි.

දැඩි පාරිසරික හානියකට මග පාදා ඇති කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා පදනම් කරගනිමින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කසළ කන්දේ අවදානම් තත්වය පිළිබඳ පසුගියදා සිය පරීක්ෂණවලින් තහවුරු කළ අතර ඒ අනුව අවට පවුල් කිහිපයක්ද ඉවත් කෙරිණ.

නලින් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේ , කරදියානට පළාත් පාලන ආයතනවලින් රැගෙන එන කසල ප්‍රමාණය ද අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඔහු පැවසුවේ, නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණයටද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...