අද – හෙට – අනිද්දා හවස විනෝදයට රගර්

නිපොන් පේනට් අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක 2023 අන්තර් ක්‍රීඩා සමාජීය ජාතික රග්බි ලීග් තරගාවලියේ තමන් මුහුණ දෙන සිව්වන තරගයට ඒ ඒ ක්‍රීඩා සමාජ මේ සති අන්තයේදී මුහුණ දෙන්නට නියමිතව සිටිනවා.ඒ අනුව අද,හෙට සහ අනිද්දා දිනවල නිපොන් ලීග් තරගාවලිය කොළඹ,කොළඹ අවට සහ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණවලදි පැවත්වෙන්නට නියමිතයි.
ඒ අතරින් අද ගුවන් හමුදාව සහ පොලීසිය රත්මලානේදී හමුවෙනවා.තරගය ආරම්භ වන්නේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට යි.හෙට පස්වරු 4.00 ට දෙතැනක තරග දෙකක් ආරම්භ වීමට නියමිතයි.යුද හමුදාව සහ හැවිලොක්ස් කණ්ඩායම් හමුවන්නේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී වන අතර සීඑච් ඇන්ඩ් එෆ්සී සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් හමුවන්නේ තුරඟ තරග පිටියේදී යි.
හෙට නාවික හමුදා කණ්ඩායම මහනුවර බලා යන්නට නියමිතයි.ඒ අනිද්දා මහනුවර තිත්තවෙලදී මහනුවර ක්‍රිඩා සමාජයට මුණ ගැසෙන්නටයි.
ඒ අනුව සුපුරුදු පරිදි පස්වරු 4.00 ට මේ ක්‍රීඩා සමාජ යුගලය අනිද්දා නිපොන් පේන්ට් ලීග් සූරතාවලියේ ඔවුන් මුහුණ දෙන සිව්වන තරගයෙයේදී එකිනෙකා හමුවීමට නියමිතයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...