කාන්තාවන්ට එරෙහි තලේබාන් තහනමෙන් ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර බිලියන ගණනක් පාඩු විය හැක – UN

Date:

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ මානුෂීය ආධාර ඒජන්සිවල සේවය කරන කාන්තාවන්ට පනවා ඇති තහනම ඉවත් නොකළහොත් එක්සත් ජාතීන්ගේ ආධාර දිගටම ලබා නොදෙන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මානුෂීය සම්බන්ධීකාරක (OCHA) මාර්ටින් ග්‍රිෆිත්ස් පවසා තිබේ. ඔහු නුදුරේදීම කාබුල් වෙත ගොස් මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ජාතීන්ගේ සංවිධානය සහ තලේබාන් සංවිධානය අතර ගැටුමක් වර්ධනය වෙමින් පවතින අතර එය දිගු කාලීනව බිලියන ගණනක මානුෂීය ආධාර කපා හැරීමට හේතු විය හැකි බවයි. එමෙන්ම මාර්ටින් ග්‍රිෆිත්ස් වැඩිදුරටත් පවසා තිබ්ණේ ඇෆ්ගනිස්ථානයේ මිලියන 28 ක ජනතාවක් වෙනුවෙන් මානුෂීය ආධාර සඳහා මුදල් රැගෙන යන එක්සත් ජාතීන්ගේ ගුවන් ගමන් දැනටමත් අත්හිටුවා ඇති බවයි.

මේ වන විට තලෙයිබාන් තහනම හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සහ ආධාර ආයතන 150ක් පමණ සිය වැඩකටයුතු සියල්ල හෝ කොටසක් අත්හිටුවා ඇති බවටද තොරතුරු වාර්තා වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...