*
Friday, September 20, 2024
spot_img

Latest Posts

2022 වසර එක්සත් ජනපදයේ උණුසුම්ම වසරයි

2011 වසර එක්සත් රාජධානියේ වාර්තාගත උණුසුම්ම වසර බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.

කාලගුණ කාර්යාලයේ ජාතික දේශගුණික තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය මාර්ක් මැකාති මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ මිනිසුන් විසින් ඇති කරන ලද ගෝලීය උණුසුම දැනටමත් එක්සත් රාජධානියේ දේශගුණයට බලපාන බව නිරීක්ෂණ වාර්තාවෙන් පැහැදිලි වන බවයි.

2022 ජූනි මාසයේ දී උණුසුම් තාප තරංග හේතුවෙන් එක්සත් රාජධානියට උණුසුම් ගිම්හානයක් අත්විඳීමට සිදුවිය. උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 40 සීමාව බිඳ දැමූ අතර, අධික උණුසුම හේතුවෙන් ප්‍රථම රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සිදු විය.

අධිත උණුසුම හේතුවෙන් එංගලන්තයේ විශාල ප්‍රදේශවල නියඟයන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ උණුසුම් ග්‍රීෂ්ම ඍතුව සහ අඩු වර්ෂාපතනය ‌හේතුවෙන් ගංගා සිඳී ගොස්, වගා හානි හා ලැව්ගිනි ඇති විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ෆොසිල ඉන්ධන දහනය වැනි ක්‍රියාකාරකම් සමඟ දේශගුණික විපර්යාස සඳහා සාමාන්‍යයෙන් වසර 500කට වරක් එක්සත් රාජධානියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක වැඩිවීමක් අපේක්ෂා කළ හැකිව තිබූ බවයි. නමුත් මෙය දැන් වසර තුන හතරකට වරක් සිදු වීම බරපතල තත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan