පාසලට යවන්නේ කවුද? ලොක්ක ද පොඩ්ඩො ද ?

Date:

දස හැවිරිදි මල්කි යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටයෙහි ආර්ථික අවපාතයට මුහුණ දුන් තවත් එක් දැරියකි.

ඇගේ සහෝදරියන් දෙදෙනාට සහ සහෝදරයන් දෙදෙනාට පැයකට පෙර නැගිටින ඇය අද පාසලට පැමිණි පළමු දිනයයි.

නමුත් ඇගේ සහෝදර සහෝදරියන් නිවසේ සිටිය යුතුය. ඔවුනට පාසල් යෑමට තරම් වත්කමක් නොමැත. ඇගේ පවුලට දැරිය හැක්කේ ඇයගේ බර පමණක්වීම එයට හේතුවයි.

මාස හයකට පෙර ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය නමැති කුණාටුවට හසුව සිටියේය.

දූපත් වාසීන්ට බොහෝ දුරට සන්සුන් බවක් පැමිණ ඇති අතර, මහා විරැකියාවේ සහ නැගී යන ජීවන වියදමෙහි සම්පූර්ණ බලපෑම දැන් බොහෝ පවුල් අතර දක්නට ලැබේ.

මල්කිගේ මව ප්‍රියන්තිකාට තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අතරමග නවතා දැමීමට සිදුව ඇත. ඔවුන්ගේ ජීවනෝපාය වන්නේ ද ගිණිකෙළි විකිණීමය.



උද්ධමනයෙහි සර්වකාලීන ඉහළම අගය වන සියයට 95 කට ආසන්න අගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර මිල වාර්තාගත මට්ටමක් කරා ළඟා විය.

සමහර දිනවල මල්කිගේ පවුලේ කවුරුත් තම කුසට අහරක් නැතිව ජීවිතය ගැට ගහ ගැනීමට වෙර දරන දවස් ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් ඇධ්‍යාපනය නොමිලේ ලබා දුන්න ද කෑම බීම, නිල ඇඳුම් සහ ප්‍රවාහන වියදම් එකතු කළ විට, අධ්‍යාපනය යනු ප්‍රියන්තිකාට තවදුරටත් දැරිය නොහැකි සුඛෝපභෝගී දෙයකි.

ඒ මල්කිගේ කතාවෙන් එක් බිඳකි.



ඒ වගේ තවත් මල්කි ලා වෙනුවෙන් සහ මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජයට නොහැකි බව පෙනෙන්නට තිබීමත් සමඟ පුණ්‍යායතනවලට මැදිහත් වීමට සිදුවී ඇත.

“සැමට සරණ” යනු දශක තුනක් තිස්සේ කොළඹ දිළිඳු ජනතාවට උපකාර කරන කිතුනු පුණ්‍යායතනයකි.

අද වනවිට එහි ආහාර ශාලාව අගනුවර පුරා පාසල්වල කුසගින්නෙන් පෙළෙන සිසුන්ගෙන් පිරී ඇත.

රටේ මෙවැනි තත්තවයන් ඉදිරියේ රටක් ලෙස ඉදිරියට යාම පමණක් නොව ජීවත් වීමද අභියෝගයකි.

නිපුනි ලියනගේ

උපුටනය- BBC

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...