*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනතාව ගඩොල් කැටයක් කාලා හරි අගෝස්තු වෙනකල් ඉවසාගෙන ඉන්න ලෑස්තියි – හඳුන්නෙත්ති (VIDEO)

ජනතාව මේ වැට් බදු බර ඇතුළු ජීවන බර ඉවසාගෙන අගෝස්තු මාසයේ මීළඟ ජනාධිපතිවරණය කැඳවන තෙක් ඉවසාගෙන සිටීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ ආර්ථික විශේෂඥ සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබට හිතෙන්නෙ නැද්ද, මෙහෙම තත්වයට අපි මුහුණ දීලා නැහැනෙ කෙටි කාලයකට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු ඡන්දයකින් පත් කරගත්තු අවස්ථාවක්. එතකොට ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපරණයකට වුණත් යන්න ඉඩ තියෙන්න පුළුවන් ?

“හැබැයි අර්ථ නිරූපණ මොනවා වුණත් මේ මහපොළවේ ක්‍රියාත්මක කරන්න එපැයි. හරිද ? මහපොළව මොකටද සූදානම් ? දැන් රටේ ජනතාව තව වැට් බර දරාගන්න ලෑස්තියි, හැබැයි අගෝස්තු මාසෙ වෙනකල් විතරයි. මට තේරෙන දේ මං මේ කියන්නෙ හරිද ? තව උඹලා ගහන ගැහිල්ලක් ගහපල්ලා, අපි එක වේල නෙවෙයි උලා කාලා හරි ඉන්නම්, ගඩොල් කැටයක් කාලා හරි ඉන්නම්, හැබැයි ඊළඟ ඡන්දය වෙනකල් විතරයි. තේරුණාද ? ඒ ඡන්දය කියලා මේ පළාත් සභා හරි, ප්‍රාදේශීය සභා හරි නෙවෙයි. ජනතාවත් ඒක හිතින් අතෑරලා තියෙන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමාලාත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නෙ ජනාධිපතිවරණයක්ද ?

“අනිවාර්යයෙන්ම. ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක්. මම කියන්නෙ මහමැතිවරණයකට යන්න සූදානම් වුණාට කල් නෑ දැන්. ප්‍රායෝගිකව කල් නෑ. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනෙ, ඒකට බහුතරයක් අවශ්‍යයයි, එහෙමනෙ ? අනිත් එක ලොකුම දේ තමයි කලින් වරප්‍රසාද පූජා කරන්න කැමති කට්ටිය මේකෙ නෑ. ඒ කියන්නෙ දේශපාලන හේතුවක් මතවත් ඉල්ලා අස්වෙන්න කැමති නැති අය ඉන්න එකේ හිතන්නකො කලින් ආයෙ ඡන්දයකට යන්න ඉල්ලා අස්වෙයිද කියලා ?”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan