ඇසෑම් ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක සිරවූ පතල් කම්කරුවන් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇසෑම් ප්‍රාන්තයේ කඳුකර ඩීමා හසාඕ දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක ගල් අඟුරු ආකරයක සිරව සිටින පතල් කම්කරුවන් බේරාගැනීමේ මෙහෙයුම් කටයුතු, හමුදා සහය ද ඇතිව තවදුරටත් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සිරව සිටින පිරිස් අතුරින් තිදෙනෙක් මිය ගොස් ඇති බවට සැක කෙරෙන බවයි.

ගලවා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා ක්‍රියාත්මක වෙමින් එහි සිරවී සිටි මිනිසුන් නව දෙනෙකු වෙත ළඟා වීමට උත්සාහ දැරූව ද තවමත් එය සාර්ථකව නොමැති බව සඳහන් වේ.

මළ සිරුරුද දැක ඇති නමුත් තවමත් ඊට ළඟා වීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.කම්කරුවන් පිරිස පතල තුළ සිරව ඇති බව අනාවරණය වූයේ ඇසෑම් වෙත බලපෑ ගංවතුර තත්ත්වය සමඟ බව පැවසේ. ඒ අනුව ඇසෑම් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ජීවිත බේරාගැනීම සඳහා හමුදාවේ සහාය ද ඉල්ලා තිබුණු බව සඳහන් වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පතලේ දුරස්ථ පිහිටීම සහ ප්‍රදේශයේ යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සංකීර්ණ වී ඇති බවයි. ඉන්දියාවේ දුෂ්කර ඊසානදිග ප්‍රදේශයේ ගල් අඟුරු ආකර ආශ්‍රිත ව්‍යසනයන් අතුරින් විශාලතම ව්‍යසන තත්ත්වය වාර්තා වූයේ 2019 වසරේ දී යි.එහිදී අසල්වැසි ප්‍රාන්තයක් වන මේගලයා හි නීතිවිරෝධී පතලක වැඩ කරමින් සිටි පතල් කම්කරුවන් 15 දෙනෙකු පමණ අවසන් ගමන් ගිය බව වාර්තා වූයේ, අසල පිහිටි ගංගාවක් පිටාර ගැලීමත් සමඟ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...