කොළඹ LNW:මැතිවරණයට පෙර ප්රකාශ කළ අන්දමට හැකිනම ගොවියට වී කිලෝවකට රු. 130ක් ලබාදෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ඒ, අද (07) පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමිනි.
දැනගන්නට ඇති පරිදි ඉදිරි අස්වනු මිලදී ගැනීමේදී ආණ්ඩුව විකිලොවක් සඳහා රු.110ක මිලක පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවයි මන්ත්රීවරයා කියාසිටියේ.
”අපිට ආරංචි වෙන විදිහට වී කිලෝව දාන්න යනවා 110ට. වී මිල 110ට දාලා ගැසට් එක තියාගෙන යන්න යනවා 220ට 230ට, දැන් ඔයගොල්ලෝ මොකද කළේ මහා ලොකු උද්ඝෝෂණ කළා,සමන්ත ඇමතිතුමා නෑ කියන්න නම් එපා 130ක් දෙන ඕනේ ගොවියන්ට වී වලට කියල. ජනාධිපතිවරණ මැතිවරණය තියපු දවසේ හොයල බලන්න මොල්කාරයෝ වී ගත්තේ කීයටද කියල. 130ට ගත්තේ. ඊළඟ කන්නයේ වී මිල තියාගන්න යන්නේ 110ට කියල,වී මිල 110ට තියාගත්තොත් ඔබ විශ්වාස කරනවද, ලොකුවට කිව්වා වී ලක්ෂ තුනක ගන්නවා කියල.ගබඩා පුරවනවා කියල. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලට යම්කිසි සාධනීය තත්ත්වයක් එතනට ගන්න පුළුවන් කියල. නමුත් ලක්ෂ තුනක් වී පුරවල 110ට තියාගන්න පුළුවන් වෙයි කියල මම නම් විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ ඔයගොල්ලෝ ගැසට් එක තියා ගන්නවා නමම් 220ට 230ට වී මිල යනවා 110න් පහළට. එතකොට .පාරිභෝගිකයාට නෙවෙයි ඊළඟ රවුමේ වදින්නේ ගොවියට. පාරිභෝගිකයාට කිව්වා වැට් එක අඩුකරනවා,ටැක්ස් අඩුකරනවා,අහෝ ඛේදජනක කාරණාව කුමක්ද ජන්දය ඔවුන් ලබාදුන්නා. දැන් ඊළඟ පාර මොකද කරන්නේ ගොවි මහත්තයට කියනවා 130ක් අපට දෙන්න හැකියාවක් නැහැ කියල. අපි චැලේන්ජ් කරනවා ගොවි මහත්තයට වී කිලෝවකට 130ක් දෙන්න. කරන්න පුළුවන් නම් හොඳයි.” යනුවෙන් මන්ත්රීවරයා තවදුරටත් ප්රකාශ කළේය.
ආශිකා බ්රාහ්මණ