ඉන්දුනීසියාව BRICS කණ්ඩායමට එක්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියාව නිල වශයෙන් නැගී එන ආර්ථිකයන් සමුහය වන BRICS කණ්ඩායමට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

මේ වසරේ BRICSහි සත්කාරකත්වය දරන බ්‍රසීලය මේ බව නිල වශයෙන් සඳහන් කර ඇති අතර ජකර්තා හි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, BRICS සාමාජිකත්වය සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ තිරසාර සංවර්ධනය යන මූලධර්මය මත පදනම්ව අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ උපායමාර්ගික පියවරක් බවයි.

BRICS සමූහය 2009 දී ආරම්භක සාමාජිකයින් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය විසින් විධිමත් ලෙස නිර්මාණය කරන ලදී. ඉන් අනතුරුව අප්‍රිකාව, ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟ මෙම කණ්ඩායම පසුගිය වසරේ නැවතත් පුළුල් විය.

ජාත්‍යන්තර වෙළඳාමේ දී ඩොලර් ඉවත් කිරීම ප්‍රධාන ඉලක්කයක් කරගත් BRICS බටහිරට ප්‍රතිවිරුද්ධ බරක් ලෙස වැඩි වැඩියෙන් සැලකේ. මේ වන විට එක්සත් ජනපදයේ තේරී පත් වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර වෙළඳාමේ දී ඩොලරය ඉවත් කරන්නේ නම් BRICS ජාතීන්ට සියයට 100 ක තීරුබදු පනවන බවට තර්ජනය කර ඇති අතර මෙවර සභාපතිත්වය දරන බ්‍රසීලය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, සාමාජික රටවල් අතර වෙළඳාම පහසු කිරීම සඳහා නව ගෙවීමේ මාර්ගයක් සංවිධාය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...