අක්ෂි ශල්‍යකර්මවලදී පෙනීම අහිමි වීමට අදාළව ගෙවන වන්දි මුදල තීරණය කරයි!

0
349

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ (LNW):

පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

එම සිදුවීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති රෝගීන් 17 දෙනෙකු සඳහා වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත.

පහත සඳහන් පරිදි එය තීරනය කර අති බව වාර්තා වේ.

රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/- බැගින් වන්දි ගෙවීම.

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් වන්දි ගෙවීම.

එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ගෙවීම.

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් වන්දි ගෙවීම.

2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීම පිළිබඳව වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා දී තිබුණු අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එකී කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර කල බව පැවසේ. එම නිර්දේශ මත පදනම්ව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණු බව වාර්තා වේ.