සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ වන විට ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා විකල්ප ක්‍රම සාකච්ජා කරමින් සිටින බවත්, ඊට මිලිටරිය භාවිතා කිරීම ඇතුළත් බවත් ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
නේටෝ සාමාජික ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සිය ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බව ධවල මන්දිරය සඳහන් කර ඇති අතර ලෝක නායකයන්වන එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය, ග්‍රීන්ලන්තයට සහාය දක්වන බවට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර පැය කිහිපයකට පසුව මෙම ප්‍රකාශය ධවල මන්දිරය විසින් මෙම ප්නිරකාශය වේදනය කර තිබිණ.
පසුගිය සතියේ සෙනසුරාදා දින එක්සත් ජනපද හමුදා මැදිහත්වීමෙන් පසුව, රටේ ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමට සහ නිව්යෝර්ක්හි මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනාවලට මුහුණ දීමට ප්‍රභූ හමුදා ගිය අවස්ථාවේ දී ග්‍රීන්ලන්තයේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය නැවත මතු වී ඇති අතර අත්ලාන්තික් සාගරය හරහා හමුදා කණ්ඩායමක් වන නේටෝ රටවල් එහි සහචරයින් බාහිර ප්‍රහාරවලදී එකිනෙකාගේ ආධාරයට යාමට ගිවිසුම්ගතව සිටින අතර ආරක්ෂක හේතූන් මත එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය අවශ්‍ය බව ට්‍රම්ප් සති අන්තයේ සඳහන් කර තිබු අතර, එක්සත් ජනපදයේ ඕනෑම ප්‍රහාරයක් නේටෝවේ අවසානය සනිටුහන් කරන බවට ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් අනතුරු අඟවා ඇත.
57,000 ක ජනගහනයක් සිටින ග්‍රීන්ලන්තය, 1979 සිට පුළුල් ස්වයං පාලනයක් පවත්වාගෙන ගියද, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්තිය ඩෙන්මාර්ක අතේ පවතී. ට්‍රම්ප් සිය පළමු ජනාධිපති ධුර කාලය තුළ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ අදහස ඉදිරිපත් කරමින් 2019 දී එය අත්‍යවශ්‍යයෙන්ම එය විශාල දේපළ වෙළඳාම් ගනුදෙනුවක් බව ප්‍රකාශ කළ අතර මේවන විට දුර්ලභ පස් නිධි භාවිතා නොකළ දූපත කෙරෙහි රුසියාව සහ චීනය වැඩි වැඩියෙන් උනන්දු වෙමින් පවතී.

