රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW :
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ මේ වන විට පිටාර ගලමින් පවතින අතර පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) උදෑසන 8.30 සිට සැහැල්ලු වහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව පොලිසිය මහජනතාවට දැනුම් දී ඇත.
පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරී ප්‍රගති ලක්මිණි මහතා සඳහන් කළා. පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගයේ දිග්ගල ප්‍රදේශයෙන් අඩි එක හමාරක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු වූ මෙම මාර්ගය වසා තබන බවත් මෙම මාර්ගයේ ජලය ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් වැඩි විය හැකි බැවින් ජනතාව දැනුවත්වීම වැදගත් බවයි.


