වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW :

2025 වසරේ ජනවාරි පළමුවනදා සිට 2026 වසරේ ජනවාරි 05 වනදා දක්වා කාලය තුළ, මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊට හෙරොයින් කිලෝ 1,821යි ග්‍රෑම් 17ක් ඇතුළත් වන බව සඳහන් වේ.

තවද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3,865යි ග්‍රෑම් 710ක් සහ ගංජා කිලෝ 17,189 ග්‍රෑම් 377ක්ද අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන අතරම්, කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 38යි ග්‍රෑම් 958ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මත්පෙති සහ මත් කරල් හතළිස් ලක්ෂ 49,569ක් ද අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මෙම තොරතුරු අනාවරණ වුණේ ජනාධිපති කාර්යාලයේ පැවති “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසියේදීයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී අවධානයට යොමු වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි...