ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය වෙනුවෙන් විනය පරීක්ෂණ මණ්ඩලයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW :

අද (07) දින විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බව වාර්තා වේ.

ඒ අනුව, එහි ලේකම් නාලක කළුවැව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අනුව එම කමිටුව පත් කරන බවයි. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ අනුමැතිය හිමිවූ බවද ඔහු කියා සිටී.

ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විධිමත් විනය පියවර ගැනීමට අදාළ කරුණු විමර්ශනය එම කමිටුව හරහා සිදුකෙරෙනු ඇත. තවද, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි...