ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

Date:

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මකපෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, පොදු ජනතාව සහ ජන මාධ්‍ය  ඇතුළු සියලු දෙනාගේ සම්බන්ධීකරණයෙන් බෝනොවන රෝග සදහා වන කාර්ය සාධක බලකායක් මේ වන විට ආරම්භ කරමින් පවතින බවත්, එහි මුලික සාකච්ජා මෙම සතියේ පැවැත්වෙන බවත් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පිළිකා රෝග, හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන පද්ධතියට අඳාළ රෝග සහ දියවැඩියාව වැනි රෝග කෙරෙහි මුලික අවධානය යොමු කරමින් ඊට අඳාළව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද සම්න්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඒ ඔස්සේ අඛණ්ඩව බෝ නොවන රෝග පාලනය කර මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින්  මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ තනි පිඟානකට හොදි, එළවළු, මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍ බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වේ.  එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව විෂයට අඳාළ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයන් සහිතව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වැයකර ඉදිකළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත මුළුතැන්ගෙය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ව්‍යාපෘතියට සමගාමීව අපේක්ෂා රෝහලේ දී අද  විවෘත කරන ලදී.

එම මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇති අතර නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ පාලන අධිකාරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙන්  ක්‍රියාත්මකවන මෙම විශේෂ වැඩසටහනට රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ලේඩි ජේ ආයතනය, හයිඩ්‍රාමනි ආයතනය සහ ග්‍රෑන්ඩ් මොනාක් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, හෝටලය, සුමනදිසි සමූහ ව්‍යාපාරය, නෝර් ලංකා මැනුෆැක්චරින් කලම්බෝ ලිමිටඩ් එක්ව මෙම ව්‍යාපෘතිය සදහා සහයෝගීතාවය ලබා දී ඇත.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මදුසංක, හිටපු බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.අයි.කුලකුලසුරිය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයනි තෙන්නකෝන්, රෝහල් කමිටු සභාපති බිනර ජයවර්ධන යන මහත්ම මහත්මින් මෙන්ම පරිත්‍යාගශීලීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි...