ගෑස් සහ ඛණිජ තෙල් මිල ඉහළ යාමෙන් ඇරඹුණු කසාක්ස්ථාන නොසන්සුන්තාවයට රුසියාව මැදිහත් වෙයි

Date:

දින කිහිපයක පටන් කසාක්ස්ථානයේ ඇති වී තිබෙන හදිසි තත්වය සමනය කිරීම සඳහා රුසියානු හමුදාව මැදිහත් වෙමින් තිබේ.නවතම වාර්තාවලට අනුව රුසියානු ගුවන් හමුදා භට ඛණ්ඩ ‘සාම සාධක මෙහෙයුමක්’ සඳහා කසාකස්ථානයට පැමිණ ඇත.

මේ දක්වා රට තුළ ඇති වූ ගැටුම්වලින් ආරක්ෂක අංශයේ 18 දෙනෙකු මරණයට පත් ව ඇති අතර, සිය ගණනක් දෙනා තුවාළ ලබා සිටිති.

2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රචණ්ඩ ක්‍රියා බහුල කේන්ද්‍රස්ථානය ලෙස පවතින්නේ කසාක්ස්ථානයේ Almaty නගරයයි. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහි නගරාධිපතිවරයාගේ කාර්යාල ගොඩනැගිල්ල ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කර තිබූ ආකාරයයි.

කසාක්ස්ථානයේ හදිසි තත්වය ඇති වූයේ පෙට්‍රෝලියම් ගෑස් සඳහා පැවති උපරිම මිල ඉවත් කිරීමත් සමගිනි. මිල පාලනය ඉවත් කිරීමත් සමග ඛණිජ තෙල් නිෂ්පාදනය කරන බටහිරදිග මනිගිස්ටායු පළාත තුළින් සිවිල් විරෝධතා පැන නැගිනි. ඉන්ධන මිල දෙගුණයක් දක්වා ඉහළ යාමට බලධාරීන්ගේ මෙම තීරණය හේතු විය.

උපරිම පාලන මිල ඉවත් කිරීමේ තීරණය ජනපතිවරයා විසින් විගස හකුළා ගත්තත් නොසන්සුන්තාවය දිගින් දිගටම වර්ධනය විය.

කසාක්ස්ථාන ජනපති Kassym-Jomart Tokayev පවසන්නේ විදේශ පුහුණුව ලත් මැර කල්ලි විසින් මෙම සිවිල් අසහනයට පණ පොවන බවයි. රුසියානු සාම සාධක හමුදාව එහි ගෙන්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

මේ වන විට කසාක්ස්ථාන ආණ්ඩුව ද ඉල්ලා අස්වී ඇති අතර, මෙය සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව කසාක්ස්ථානය මුහුණ දෙන විශාලතම දේශපාලන අස්ථාවරත්වය ද වේ.

සති දෙකක කාලයක් සඳහා මේ වන විට රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරි නීතිය ද පනවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...