රට කෑලිවලට කඩලා බලයට ගත්ත අයට පැවැත්මක් නෑ – විපක්ෂ නායක

රට කෑලිවලට කඩලා බලයට ගත්ත අයට පැවැත්මක් නෑ – විපක්ෂ නායක

ඔන්ලයින් අධ්‍යාපනයට ජංගම දුරකනයක් නැති දරුවන් අප්‍රමාණව සිටින රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විෂමතාවයෙන් තොරව දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම පාලකයින්ගේ වගකීමක් බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.

එකම රටේ ජනතාව බෙදා වෙන්කොට බලය ලබාගන්නා කිසිවෙකුට පැවැත්මක් නැති බවද විපක්ෂ නායකයා සඳහන් කරනවා.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” හයවෙනි අදියර අද (07) පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වව්නියාව මරවන්කුලම් පාරතිසන් විද්‍යාලයට පරිත්‍යාග කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...