Wednesday, December 6, 2023
spot_img

Latest Posts

රට කෑලිවලට කඩලා බලයට ගත්ත අයට පැවැත්මක් නෑ – විපක්ෂ නායක

රට කෑලිවලට කඩලා බලයට ගත්ත අයට පැවැත්මක් නෑ – විපක්ෂ නායක

ඔන්ලයින් අධ්‍යාපනයට ජංගම දුරකනයක් නැති දරුවන් අප්‍රමාණව සිටින රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විෂමතාවයෙන් තොරව දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම පාලකයින්ගේ වගකීමක් බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.

එකම රටේ ජනතාව බෙදා වෙන්කොට බලය ලබාගන්නා කිසිවෙකුට පැවැත්මක් නැති බවද විපක්ෂ නායකයා සඳහන් කරනවා.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” හයවෙනි අදියර අද (07) පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වව්නියාව මරවන්කුලම් පාරතිසන් විද්‍යාලයට පරිත්‍යාග කළේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.