සේපාල් අමරසිංහ රිමාන්ඩ්

Date:

දළදා වහන්සේට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කළේය.

ඒ, ඔහුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

එහිදී CID නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ සැකකරු විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක් හරහා දළදා වහන්සේ පිළිබඳව ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන් බෞද්ධ සමාජය තුළ බලවත් කැළඹීමක් ඇතිවී තිබෙන බවත් සමාජ මාධ්‍ය තුළ ද දෙපාර්ශ්වයක් අතර ගැටුමක් නිර්මාණය වී තිබෙන බවත් ය. එසේම මෙම ප්‍රකාශය තුළින් වරදක් සිදුව ඇති බවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද දැනුම් දී ඇති අතර මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේවරයා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට සූදානමින් සිටින බවත් CID නිලධාරීන් සඳහන් කළේය.

එමෙන්ම සැකකරුට විදේශ රටවලින් මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව ත්‍රස්තවාදයට මුදල් ආධාර සැපයීමට එරෙහි පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් සඳහන් කළ එම නිලධාරීන් ඔහුව ICCPR පනත යටතේ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ තම සේවාදායකයා ඔහුගේ යූටියුබ් නාලිකාවේ වීඩියෝ 1000ක් පමණ පළකර ඇති බවත් එම වීඩියෝ තුළින් ඔහු නිර්මල බුදුදහම මිත්‍යා මතවලින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිට ඇති බවත් බුදුදහමට අපහාස කිරීමේ චේතනාවක් ඔහුට නොමැති බවත් ය. මේ වනවිට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන අතර එවැනි කටයුතුවලින් ආර්ථික අර්බුදය යටපත් කළ නොහැකි බව පෙන්වා දෙමින් තම සේවාදායකයා මෙම ප්‍රශ්නගත ප්‍රකාශය සිදුකර ඇති බවත් නීතීඥවරයා සඳහන් කළේය. ඒ අනුව තම සේවාදායකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන පළිගැනීමක් වශයෙන් බවයි නීතීඥවරයා පැවසුවේ.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙවැනි ප්‍රකාශ සිදුකිරීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස සැකකරුට අවවාද කළ අතර ඔහුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...