*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

බොල්සනාරෝ‌ගේ පාලනයේ පසුගිය දෙසැම්බරයේ පමණක් ඇමසන්හි වන විනාශය 150% දක්වා ඉහළට

අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පාලනයේ අවසන් මාසයේදී ලොව විශාලතම වැසි වනාන්තරයේ වන හානිය 150%ක් බව ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ DETER නිරීක්ෂණ වැඩසටහනට අනුව වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත වනයෙන් වර්ග කිලෝමීටර් 218.4 (වර්ග සැතපුම් 84.3) වන ආවරණයක් විනාශ වී ඇති බව චන්ද්‍රිකා නිරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පාරිසරික කණ්ඩායම්වල සන්ධානයක් වන දේශගුණික නිරීක්ෂණාගාරයේ විධායක ලේකම් මාර්සියෝ ඇස්ට්‍රිනි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බොල්සොනාරෝගේ රජය අවසන් විය හැකි නමුත් ඔහුගේ ඛේදජනක පාරිසරික උරුමය දිගු කලක් තිස්සේ දැනෙනු ඇති බවයි.

සෑම වසරකම අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල තීරණාත්මක වියළි කාලගුණය හේතුවෙන් ඇතිවන ලැව්ගිණි ආදියෙන් වන හානියට වඩා විනාශයක් පසුගිය දෙසැම්බරයේ පමණක් සිදුව ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රවීණයන් පවසන්නේ මෙම විනාශය ප්‍රධාන වශයෙන් ගොවිපළවල් සහ ඉඩම් කොල්ලකරුවන් විසින් ගවයන් සහ භෝග සඳහා වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් සිදු කළ බවයි.

නව ජනාධිපති වශයෙන් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා තේරීපත් වීමත් සමඟ ඔහුගේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වූයේ පාරිසරික ආරක්ෂණ වැඩසටහන් නැවත ආරම්භ කිරීමටත්, වන විනාශය ශුන්‍ය කිරීම සඳහා සටන් කිරීමටත්ය.

ඔහු පසුගිය මස නොවැම්බරයේ පැවැති ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණික විපර්යාස සමුළුව(COP27) වෙනුවෙන් සහභාගී වී ලෝක ප්‍රජාව අමතමින් ප්‍රකාශ කර තිබුණේ, ආරක්ෂිත ඇමසන් නොමැතිව ග්‍රහලෝක ආරක්ෂාවක් නොමැති බවත්, වන විනාශය ශුන්‍ය කිරීමට සහ අපගේ ජෛව විවිධත්වයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තමා සූදානම් බවත්, ඔහුගේ නව රජය තුළ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ ප්‍රයත්නයන්ට ඉහළම ප්‍රමුඛත්වය හිමිවන බවත්ය. එමෙන්ම නීති විරෝධී රන් කැණීම, දැව කැපීම සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය මර්දනය කිරීම සහ දේශගුණික පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම මගින්, තම පරිපාලනය තුළ පරිසරය වෙන කවරදාටත් වඩා ඉදිරියට ගෙන යාමට ඔහු සූදානම් බවයි.

ඒ අනුව දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා අභිලාෂයෙන් පිරී සිටින බවට සැකයක් නැත.

ලූලාගේ බලයට පත්වීම සිදු වනුනේ ලෝකය බහුවිද ගැටලු වලට මුහුණ දී සිටින ඓතිහාසික මොහොතකය. න්‍යෂ්ටික යුද්ධය, ආහාර සැපයුමේ අර්බුදය, බලශක්තිය, ජෛව විවිධත්වයේ ඛාදනය, අසමානතාවය ආදිය සමඟ මෙය අතිශය දුෂ්කර කාලයකි. නමුත් මනුෂ්‍යත්වය ජය ගනු ලැබුවේම මෙවැනි දුෂ්කර කාලවලදීමය.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan