කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ කොටසක් තාවකාලිකව වැසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ ජල නල නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස වසා දැමෙන බවයි.

ඒ අනුව ඊයේ(06) රාත්‍රියේ එම මාර්ග කොටස වසා දැමුණු අතර එය අද පස්වරු 05 දක්වා වසා තැබෙනු ඇත.

මේ හේතුවෙන් භාවිත කළ හැකි විකල්ප මාර්ග ලෙස අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන කොටිකාවත්ත හන්දියෙන් වමට හැරී ගොතටුව නගරයෙන් කොලොන්නාව නගරය හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොළොන්නව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල පිවිසිය හැකියි.

පොලිසිය ප්‍රකාශ කළේ, එමෙන්ම කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වන රථ වාහන ඔරුගොඩවත්ත, අවිස්සාවේල්ල මාර්ගයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටින් දකුණට හැරී කොලොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවන්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසිය හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...