*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඇමරිකාවේ වම්මුන්ට නොපෙනුනු දකුණට පෙනුනු ලංකාවේ සංචාරක ගමනාත්තය!

සටහන – PULI

ජනවාරි 07,
කොළඹ (LNW): ෆොක්ස් නිව්ස් විසින් මෑතකදී සම්පාදනය කරන ලද ගෝලීය වශයෙන්, දැරිය හැකි නිවාඩු ගමනාන්ත 13 අතරට ශ්‍රී ලංකාවත් එක් වෙයි.

මෙම ලැයිස්තුව පොකට් එකට හිතකාමී ස්ථාන කෙරේ අවධානය යොමු කරමින්, දර්ශනීය කඳු නැගීම් සහ නවමු අත්දැකීම් අපේක්ෂා කරන සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව කදිම ස්ථානයක් ලෙස උලුප්පවා පෙන්වයි.

ශ්‍රී ලංකාවේ දේශීයත්වය අගයමින්, විශේෂයෙන් අලි ඇතුන් වැනි ස්වදේශික වන සතුන්ට සමීප වීමට ඇති අවස්ථාව,පෞරාණික සුන්දර වෙරළ තීරයන් නැරඹීමට සහ හිරු බැස යන වර්ණාධික අහස දැක ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම වාර්තාවේ දැක්වේ.

සාමාන්‍යයෙන් ඩොලර් 20 සිට ඩොලර් 40 දක්වා පරාසයක පවතින ශ්‍රී ලංකාවේ නවාතැන් ඔවුන්ගේ පොකට්ටුවට දැරිය හැකි වීම කැපී පෙනෙන අතර එය අයවැය ගැන සැලකිලිමත් වන සංචාරකයින් සඳහා ආකර්ශනීය තේරීමක් වනු ඇත. ආහාර වේලක සාමාන්‍ය මිල ඩොලර් 5 ක් පමණ වන අතර එය ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට කඳිම තෝතැන්නක් සපයයි.

ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ග්‍රීසිය සහ ඊජිප්තුව ඇතුළුව රටවල් කිහිපයක් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වී තිබිණි.

දැරිය හැකි මිලකට ඉස්තරම් සංචාරක අත්දැකීමක් අපේක්ෂා කරන්නන් සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ නම් දරනු ඇත.

ෆොක්ස් නිව්ස් වැනි ඇමරිකාවේ රිපබ්ලිකන් මතධාරී නිව්ස් චැනල් එකක් විසින් මෙවැනි තැනකට ශ්‍රී ලංකාව ගෙන ඒම ද කතා කල යුතුම සිදුවීමකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan